පස්වන ලියෝ (Leo XIV) පාප් වහන්සේ හෙට (මාර්තු 28) මොනාකෝ රාජ්‍යයේ එක්දින සංචාරයක නිරත වීමට නියමිත අතර මෙය වසර පන්සියයකට පමණ පසු පාප් වහන්සේ නමක මධ්‍යධරණී මුහුදේ පිහිටි මෙම කුඩා රාජ්‍යයට සිදු කරන ප්‍රථම සංචාරය ලෙස ඉතිහාසයට එක් වේ. ඇමෙරිකානු ජාතික පාප් වහන්සේ නමක වන මොහුට මුළු යුරෝපයම ඇමතීමට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය බව වතිකාන ප්‍රකාශක මැටියෝ බෲනි සඳහන් කළේය.
මෙම සංචාරයේදී මොනාකෝහි ඇල්බට් කුමරු සහ චාලීන් කුමරිය හමුවීමටත්, එරට ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට සහභාගී වීමටත් පාප් වහන්සේ සැලසුම් කර ඇත. ලෝකයේ ධනවත්ම සහ සුඛෝපභෝගී රාජ්‍යයක් ලෙස සැලකෙන මොනාකෝහි නිල ආගම කතෝලික දහම වන අතර ඇල්බට් කුමරු මෑතකදී ගබ්සාව නීතිගත කිරීමේ යෝජනාවක් ද ප්‍රතික්ෂේප කරමින් කතෝලික සාරධර්ම ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබුණි.
යුද්ධ සහ ගැටුම් හමුවේ “ජීවිතය ආරක්ෂා කිරීම” (Defense of life) මෙම සංචාරයේ ප්‍රධාන තේමාව වනු ඇති බව වතිකානය පවසයි. චිකාගෝ නුවර උපත ලැබූ පස්වන ලියෝ පාප් වහන්සේට මෙම ආරාධනය සිදු කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදී ඇල්බට් කුමරු වතිකානයේ සංචාරය කළ අවස්ථාවේදීය.














