ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන CINEC Campus හි මෝටර්රථ ඉංජිනේරු (Automotive Engineering) සහ යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering) BSc උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වී තිබේ. මෙම සුවිශේෂී ඇගයුම මගින් CINEC උපාධිධාරීන්ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීමටත්, වොෂින්ටන් සම්මුතිය (Washington Accord) යටතේ ජාත්‍යන්තරව පිළිගත් වරලත් ඉංජිනේරු මට්ටම කරා ගමන් කිරීමටත් අවස්ථාව උදා වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ IESL පිළිගැනීම සහිත එකම මෝටර්රථ ඉංජිනේරු උපාධි පාඨමාලාව මෙය වීම කැපී පෙනෙන කරුණකි.
ඉංජිනේරු සහ තාක්ෂණවේද පීඨයේ පීඨාධිපති ආචාර්ය ජානක ලියනගම මහතා ප්‍රකාශ කරන පරිදි, මෙම පිළිගැනීම හුදෙක් අනුකූලතා ඇගයුමක් පමණක් නොව, ගෝලීය වෘත්තීය ප්‍රමිතිවලට අනුකූල ඉංජිනේරුවන් බිහි කිරීමට CINEC සතු කැපවීම සනාථ කිරීමකි. මෙමගින් උපාධිධාරීන්ට දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් සහ සෘජු ප්‍රවේශයක් හිමි වේ. වසර හතරක BSc ඉංජිනේරු උපාධිවලට අමතරව එක්සත් රාජධානියේ ඇන්ග්ලියා රස්කින් (Anglia Ruskin) විශ්වවිද්‍යාලයේ උපාධි සහ පශ්චාද් උපාධි ද පිරිනමන CINEC ඉංජිනේරු පීඨය, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස සිය නාමය තහවුරු කර ඇත.
CINEC Campus යනු ‘Beyond a Graduate’ සංකල්පය යටතේ සමුද්‍රීය, කළමනාකරණ, සෞඛ්‍ය විද්‍යා සහ පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් බිහි කරන ආයතනයකි. වසර පහක් පුරා විශිෂ්ටතම අධ්‍යාපන සේවා අපනයන ආයතනය ලෙස ජනාධිපති අපනයන සම්මානයෙන් ද පිදුම් ලබා ඇති CINEC ආයතනය, මෙම නවතම IESL පිළිගැනීමත් සමඟ සිසුන් සහ දෙමාපියන් අතර පවතින විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ. ප්‍රායෝගික පුහුණුව සහ නවීන තාක්ෂණය මුසු වූ මෙම අධ්‍යාපන රටාව හරහා ගෝලීය වශයෙන් තරගකාරී ඉංජිනේරු ශ්‍රම බලකායක් බිහි කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.














