ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කාශ් පටෙල් (Kash Patel) මහතාගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් (Email) ගිණුම දරුණු හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ සබඳතා පවත්වන බව කියන “Handala Hack Team” නමැති හැකර් කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
හැකර්වරුන් විසින් අධ්‍යක්ෂවරයාගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ පෞද්ගලික ඡායාරූප, ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) සහ තවත් සංවේදී තොරතුරු රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව තහවුරු වී ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ (US Justice Department) උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, මෙම සයිබර් විනිවිද යාම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි ඉහළ පෙළේ නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය ඇමරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් මතු කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම Reuters, BBC සහ ඇමරිකානු ආරක්ෂක අංශ වාර්තා ඇසුරින්














