ශ්‍රී ලංකා දුම්රිය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස CSRP ව්‍යාපෘතිය යටතේ නවීන ටිකට්පත් පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීමේ ස්වයංක්‍රීය උපකරණ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අද (27) වාර්තා වෙයි. මීට පෙර පැවති මාර්ගගත (Online) ටිකට්පත් ලබාගැනීමේ පහසුකමට අමතරව, සාම්ප්‍රදායික කාඩ්බෝඩ් ටිකට්පත් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වා දීමට නියමිතය. මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් මාසයේදී කැලණිවැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවලදී මෙම නව පද්ධතිය මුලින්ම අත්හදා බැලෙනු ඇත. මෙම නියමු ව්‍යාපෘතිය මගින් මතුවන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීමෙන් අනතුරුව, පළමුව කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටත් ඉන්පසුව දිවයිනේ සෙසු දුම්රිය මාර්ග සඳහාත් මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි. මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙම වසර තුළ අවසන් කළ යුතු බව නිරීක්ෂණ චාරිකාවකට එක්වූ බලධාරීන් අවධාරණය කර තිබේ.















