27 April 2024
#දේශීය

රජයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් -විපක්ෂ නායක සජිත් 

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් ජනතාවගේ ජීවත්වීමේ නිදහසට පවා බාධා පමුණුවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකරයා මේ බවපැවසුවේ ඊයේ (25) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සමගි ජනබලවේගයේ උතුරු කොළඹ කොට්ඨාස නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

අරගලයට දායක වූ තරුණ පරම්පරාව ආණ්ඩුව විසින් දඩයම් කරමින් සිටින බව පැවසූ හෙතෙම වසන්ත මුදලිගේ වැනි තරුණයින් එහි ගොදුරු බවට පත්ව ඇතැයිද පැවසීය.

ආණ්ඩුව සමග ඩීල් දමන උදවියට එක නීතියකුත්, අරගලයේ යෙදෙන පිරිස් වෙත තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ විපක්ෂනායකවරයා මේ ඛේදනීය තත්ත්වය වහා වෙනස් කළ යුතු යැයි ද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *