27 April 2024
#දේශීය

දියනාමින් සිටි දැරියක් කිඹුලෙකු ඩැහැගෙන යාමෙන් මියයයි

මීගලෑව, යාය 03 ඇලේ කාන්තාවක් තම දියණිය සමඟ දිය නාමින් සිටියදී කුඩා දැරීයව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

ප්‍රදේශවාසින් හා මීගලෑව වනජිවි කාර්යාලයේ නිලධාරින් එක්ව දැරිය කිඹුලාගේ ග්‍රහනයෙන් බේරාගෙන තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දැරිය වයස අවුරුදු 03 හමාරක් වු උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇයගේ මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *