• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

6 July 2022
in දේශීය

ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05 ) දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 53 ක් සමග ජාවාරම්කරුවන් 02 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනවසර සංක්‍රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමේ අරමුණින් එම වෙරළ ප්‍රදේශයේ රැදී සිටි බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 12 ක්, කාත්තාවන් 11 ක් හා ළමුන් 23 දෙනෙකු ඇතුළු 46 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාව භාරයට ගත් වයස අවුරුදු 01 ත් 52 ත් අතර වයසේ පසුවන සැකකරුවන් පිරිස කින්නියා, මූතූර් සහ කුඹුරුපිඩ්ඩි යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

මීට අමතරව, 2022 ජුලි මස 05 වන දින රාත්‍රී කාලයේ උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්ද මන්නාරම, තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වෙනත් රටකට නීති වි‍රෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 03 ක් කාන්තාවක් (01) සහ කුඩා ළමුන් 03 ක් ඇතුළු 07 දෙනෙකු සමඟ එම ජාවාරමට සම්බන්ධ ජාවාරම් කරුවන් 02 ‍ක් තාල්පාඩු වෙරළ තීරයේදී ඩිංගි යාත්‍රාවක්ද සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, වයස අවුරුදු 05 ත් 48ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස කොළඹ, බදුල්ල, වව්නියා සහ මාන්නරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

තවද, මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත විශාල අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

 

Post Views: 6
Previous Post

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආචාර්ය උපාධි (DBA) 2021/24 කණ්ඩායමේ හමුව සාර්ථකව නිමවෙයි

Next Post

කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය මගි් මෙරටට වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

editor

editor

Next Post

කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය මගි් මෙරටට වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved