• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකාර්මික පවුල් විශාල ප්‍රමාණයක් නියඟයේ බලපෑමට ලක් වෙලා – මන්ත්‍රී රංජිත්

24 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව ව්‍යසනයක් අවස්ථාවක කඩිනමින් විසඳුම් සැපයිය යුතු අතර කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව හෝ කෘෂිරක්ෂණ මණ්ඩලයට තනිව සිදුකිරීමට හැකියාවක් නොමැති මේ සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “ඉන්දියාව ඊයේ “we are on the moon“ කියලා මුළු ලෝකයටම ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කළා. ලෝකයේ හඳ තරණය කළ 04 ජාතිය බවට පත් වුණා. අපිට අසිරු අවස්ථාවේදී උදව් කරපු ඉන්දියාවේ අග්‍රාමාත්‍ය තුමාටත් ඒ වගේම මේ කාර්යයේදී කටයුතු කරපු සියලුම විද්‍යාඥයින්ටත් පොදුවේ ඉන්දියානු ජනතාවටත් අපේ සුභාෂිංශනය පිරිණමනවා. පහුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවට ඉඳගද්දි දිස්ත්‍රික්ක 15 ක් තමයි නියං තත්වය ඇතිවෙලා තිබුණේ. නමුත් අද දිස්ත්‍රික්ක 19 ක නියඟයේ බලපෑම තිබෙනවා. කෘෂිකාර්මික බිම් පනස් පන්දහක් ව්‍යසනයට පත්වෙලා තිබෙනවා. ඒ වගේම තේ, පොල්, සුළු අපනයන බෝග වගාවන්වලට දැඩි බලපෑමක් එල්ලවෙලා තිබෙනවා. ඒ නිසා කෘෂිකාර්මික පවුල් අසු පන්දහක්, ලක්ෂයක් අතර ප්‍රමාණයක් මේ බලපෑමේ ඝෘජු ගොදුරු බවට පත්වෙලා. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මෙය ව්‍යසනයක්, අසිරු අවස්ථාවක් ඒ නිසා කඩිනමින් මේ සඳහා විසඳුමක් සපයා දියයුතුයි. මෙය කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවට හෝ කෘෂිරක්ෂණ මණ්ඩලයට තනිව කිරීමට පුළුවන් වැඩක් නොවේ. මෙයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි. පානීය ජල පහසුකම් නොලබන විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අවශ්‍යතාවන් සැපයිය යුතු වෙනවා. අපිට සැලැස්මක් තිබුණා 2020 සැමට පානීය ජලය කියලා. ඒ නිසා පානීය ජලය නොමැති පිරිසට කඩිනමින් මූලික ජල අවශ්‍යතාවන් සපුරන්න ඕන. ඒ සඳහා වහාම ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන කියන තැනයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ඉන්නේ. ඒ නිසා අපි කණගාටුවෙනවා මේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට මේ සාකච්ඡාව වෙන අතකට යවලා එක එක්කෙනා මත වගකීම පවරන එක සම්බන්ධව. ඒ නිසා කඩිනමින් එ්කාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන්න අවශ්‍යයි. මට කණගාටුවක් දැනුණා. අපි අපේ රාජකාරි ජිවිතේ සොදුරුම තැනට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රිවරු. අපි පසුපෙල නියෝජනය කළත් අපේ සමාජ වගකීම අපි හරියාකාරයෙන් ඉෂ්ඨ කරන අය. ඊයේ උදේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ වාරයේදී නියෝජ්‍ය කථානායක තුමාට කියන්න සිදු වුණා මන්ත්‍රිවරු දෙදෙනෙක් නම් කරලා වන ලැහැබ්වල ඉන්න අය වගේ කියලා. එතුමාට සිදුවුණා විපක්ෂ නායක තුමාගෙන් ඉල්ලීමක් කරන්න මේ අය හිලෑ කරලා එවන්න කියලා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු විදිහට මේ වගකිම තේරුම් අරගෙන තිබෙන්නේ. නියඟය, මංදපෝෂණය, විරැකියාව, ආහාර උද්දමනය ආදි දෑ සාකච්ඡාවට ගතයුතු කාරණා. මේ කාරණා පාර්ලිමේන්තුවේ වටිනා කාලය අරගෙන සාකච්ඡා කරනවා වෙනුවට විවිධ පුංචි ප්‍රශ්නවල ලඝු කරලා 225 එපා කියන තැනට අලුත් සටන්පාඨ එකතු කරන්න එපා. එය මහජනතාව මන්ත්‍රිවරුන්ගෙන් අපේක්ෂා කරන දෙයක් නොවේ. මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ භීෂණයට, දූෂණයට ලක්කරන දෙයක් බවටයි අපි දකින්නේ. අපි පිළිකුලෙන් යුතුව මේ දේවල් හෙළා දකිනවා. මිට අවුරුදු 03ට පෙර ,පාර්ලිමේන්තුවට පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේ. අපි විශ්ව විද්‍යාලයට සම්බන්ධ වන අවස්ථාවේ අපි මහා බලාපොරොත්තු තියාගෙන තමයි විශ්ව විද්‍යාලයට ඇතුල් වුණේ. එදා රාජ්‍ය විශ්ව විද්‍යාල ගොඩක් තිබුණේ නැහැ. දැන් රාජ්‍ය විශ්ව විද්‍යාල 22 ක් තිබෙනවා. මේ රටේ සියලුම දෙමාපියන්ගේ අවසාන ඉලක්කය තමයි දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන එක. අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ කඩිනමින් විසඳාගතයුතු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ විශ්ව විද්‍යාල පරිපාලනය ආර්ථික වශයෙන් ස්වාධීන කරන්න ඕන. මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු රට හැර යාම දැන් ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මේ හැරයාම අපිට නතර කරන්න පුළුවන් විශ්ව විද්‍යාලවල රාජකාරි කරන අයට, ඉගෙන ගන්න අයට ආකර්ෂණිය ස්ථානයක් කළොත් පමණයි. මෙය අනාගතේ තිබෙන ප්‍රශ්නයක්. අපි හැමෝම ඕනෑකමින් වෙන ප්‍රශ්න ගැන කතා කරන අතරවාරයේ අපේ රටේ අනාගතය ගැනත් කතා කරන්න ඕන.” යැයි මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Post Views: 10
Previous Post

මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන යටතේ පවතින පෙර පාසල්වල ගැටලු මධ්‍යම ආණ්ඩුකාරවරයාට යොමු කරයි

Next Post

ඖෂධ හිඟය අවම කිරීමට ඒ හා සම්බන්ධ සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතුයි – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

ඖෂධ හිඟය අවම කිරීමට ඒ හා සම්බන්ධ සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතුයි - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved