• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තියක් එළිදක්වනවා – ඇමැති රමේෂ්

16 May 2024
in දේශීය, පුවත්
රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තියක් එළිදක්වනවා – ඇමැති රමේෂ්

පාර්ලිමේන්තුවේ, ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මුලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමග පැවති සාකච්ජාමය අවස්ථාවේදීය.

මෙහිදී රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, මුළුතැන්ගෙය, රසයානාගාර ඇතුලු ඒකක සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර, රෝහලේ සුළු අළුත්වැඩියාවන් සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට‌ උපදෙස් ලබා දුන් අතර රෝහලට අවශ්‍ය ඖෂධ ගබඩාව ඉදිකිරිම, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය වැඩිදියුණූ කිරිම, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිකිරිම සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සදහා අවශ්‍ය ඇස්තමේන්තු කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ දී ලබාදීමට පියවර ගන්නා ලෙසටද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබද වර්ථමානයේදී ලෝකයේ නව ප්‍රවණතාවයක් තිබෙන බව පෙන්වා දිය හැකි බවයි.

ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන පරිදි රෝහල් ගතවන රෝගීන් 07 දෙනෙකුගෙන් එක් අයෙක් අවම වශයෙන් රෝහලේ දී කිසියම් ගැටළුවකට මුහුණු දෙන බවත්, එය ගෝලීය තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව ලෝකයේ මතවාදය නම් මීට වඩා රෝගීන් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුහඳතාවය වැඩිදුයුණු කර ගත යුතු බවත්, රෝගී ආරක්ෂාව යන කරුණ මෙරට සෞඛ්‍ය සේවාවේ ද අවධානය යොමු විය යුතු කරුණක් බවත් පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේත් දී ඉදිරියේ දී රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් එළිදක්වන බවත්, එය අනාගතයේ දී නීතියක් බවට පත්වීමේ හැකියාවක් පවතින බව ද පැවසීය.

ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි නිරීක්ෂණ රටවල් 50 ක ඇද ඉහ වාර්ථා ටිකට් එකට සම්පූර්ණ ප්‍රවේශය ලැබෙන බවත්, රෝගීන්ට සහ ඥාතීන්ට ඉදිරි කාලයේ දී මේ සියළුම ලිපි ලේඛණ, සියළු තොරතුරු ලබාදිමට සිදුවන බවද පැවසූ අමාත්‍යවරයා

වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමහර වෙලාවට රෝගියාට ඇහුම්කම් දීම මදි කියන කාරණය ලොව පුරාම රෝගීන්ගෙන් තිබෙන මතයක් බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය වසරේ පැමිණිලි 700 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවද කීය. ඒ පිළිබද විවිධ මට්ටමේ පරික්ෂණ සිදු කෙරන බව පැවසූ අමාත්‍යවරයා රෝගීන්ට ඇහුම්කම්දීමේ ක්‍රමවේද සකස් කරන්න අමාත්‍යාංශයට සිදු වන බවත්, එය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයක් බවද පැවසීය.

මෙරට අනාගත සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංරක්ෂණ වැඩසටහන් මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කර තෘතියික මධ්‍යයස්ථාන වලට පවතින තදබදය අඩු කිරීමට පියවර ගන්නා අතරම පුනරුත්ථාපන අංශයේද සහන සත්කාර අංශයෙන්ද අප යා යුතු දුර ඉතා විශාල බවද පැවසීය.

විවිධ රජයන් වගේම පරිත්‍යාග ශීලීන් මෙරට සෞඛ්‍ය සෙවාවේ සංවර්ධනයට අතිවිශාල සේවාවක් සිදු කර තිබෙන බවත්, එහි එක් උදාහරණයක් ලෙස වතුපිටිවල රෝහල පෙන්වා දියහැකි බවත්, තිබෙන පහසුකම් උපරිමයෙන් භාවිතා කරමින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රෝහලක් ලෙස මෙම රෝහල් හැදින්විය හැකි බවත් එයට විශේෂ ස්තූතියක්ද අමාත්‍යවරයා පුද කර සිටියේය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්,වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි යන මහත්ම මහත්මීන්ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

Post Views: 9,887
Previous Post

නිදහස් පක්ෂ සභාපති විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

Next Post

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved