27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම හමුවේදී මේ වන විට රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *