• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි – අනුර දිසානායක

21 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබාදෙන්න ඕනෑ බවත් හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) නුගේගොඩදී පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජනවරමකට ඉඩදෙනු! අරගලයේ ජන බලය රැලිය අමතමිනි. ‍එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරිවී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර රනිල්, රාජපක්ෂලා, අපරාධකාරයින්, වංචනිකයින් ඇතුළු කණ්ඩායමකින් සමන්විතයි. ඒ වගේ හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීන වූවා කියන පිරිස හොරගල් අහුලනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අයත් හොරගල් අහුලමින් ඉන්නවා. මේ කඳවුර පවතින්නේ පාර්ලිමේන්තුවේ 134කින්. මහජනයාගේ කැමැත්ත මත නොවෙයි. අනික් පැත්තෙන් මේ ව්‍යවස්ථාව ඇතුලේ බලයක් නිර්මාණය කර ගන්න මේ කඳවුරට හැකිවී තිබෙනවා. අනික් කඳවුරට විවිධ වරදාන, වරප්‍රසාද ලබාදීමෙන් රඳාපැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා. ලබන සතියේ තවත් ඇමතිවරු රොත්තක් දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ මේ කණ්ඩායම් මෙහෙයවන අයට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී අලුතින් නියෝජ්‍ය සංවිධායකලාත් පත්කර සිටිනවා. මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා.

රනිල්ගේ උපදේශකලා හැටියට හිටපු ඇමතිවරුන් පත්කරගෙන. ඊට අමතරව විවිධ අධ්‍යක්ෂ ජනරාල්වරු පත්කරගෙන. විවිධ වරදාන, වරප්‍රසාද ලබාදී තමන්ගේ හිතවතුන් සනසනවාට අමතරව ඒවාට විරුද්ධ වෙන අයට මර්දනය දියත් කර තමන්ගේ පැවැත්ම තහවරු කරගන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා. ඒ ඉතිහාසය අවසන්වී දශක ගණනාවක් ගෙවී ඇති බව අපි මතක් කරනවා.

අරගලය සාමකාමී අය සහ ත්‍රස්තවාදීන් සිටි බව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වා. ඔහු කියන ඒ ත්‍රස්තවාදීන් කවුද කියලා අපි බලාගෙන සිටියා. පූල් එකේ සබන් ගාලා නාපු කෙනා එක ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළ කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ කොඩිය නිදාගත් කෙනා තව ත්‍රස්තවාදියෙක්. ෆ්‍රිජ් එකේ තිබුණු ගස්ලබු කෑල්ල කෑව කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කළ කෙනත් ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයට පළමුවෙන්ම ඇතුළුවූ කෙනත් ත්‍රස්තවාදියෙක්. මෙහෙම බැලුවාම රනිල් 134 රූට් එකේමයි යවන්න ඕනෑ. අරගලයට මැදිහත් වුණු අය මර්දනය කරලා තමන්ගේ පාලනය ගෙනියන්න හැකිවෙයි කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයෙන් පෙළපාළියක් ගියා. ටවුන් හෝල්වලින් පටන්ගෙන කොටුවේ රැස්වීමක් තියන්න ගියේ. යුනියන් ප්ලේස්වල මඟරැකලා සිටි පොලිසිය පහර පිට පහර දුන්නා. අරලියගහ මන්දිරයට, ජනාධිපතිමන්දිරයට යන්න ගිය පා ගමනක් නොවෙයි. රනිල් මංපහරන්නෙක් වගේ මඟ රැකලා ඉඳලා පහර දුන්නා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය බිඳවැට්ටීම සඳහා රනිල් වික්‍රමසිංහ දරන සෑම ප්‍රයන්තනයක්ම පරාජය කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා. අපි දෙල්කඳ සිට නුගේගොඩට උද්ඝෝෂණ පෙළපාළියෙන් ආවා. මඟ රැකලා ඉඳලා අපිට පහර දෙන්න ආවා නම්, අපි නුගේගොඩින් නතර නොවෙන බව රනිල් වික්‍රමසිංහට කියනවා. ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන්න බලයක් රනිල් වික්‍රමසිංහට නැහැ. මේ රටේ ජනතාව රනිල්ට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න වත් අනුමැතිය දී නැහැ. 1977 සිට රනිල් වික්‍රමසිංහ ඇමති, අගමැති, විපක්ෂ නායක, හැටියට අවුරුදු 43ක් හිටියත්, පසුගිය මහ ඡන්දයේදී පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙන්න වත් මහජනතාව ඉඩ දුන්නේ නැහැ. ඒත් රනිල් දැන් 134කගේ නායකයා. ඔහු මර්දනය දියත් කර, රාජපක්ෂ කඳවුර සතුටු කරන්න ක්‍රියා කරනවා. මැයි 09 පහරදීමට විරුද්ධව රනිල් වික්‍රමසිංහගේ උපදේශක රුවන් විජේවර්ධන නිවේදනයකුත් දැම්මා. අන්තරයේ කැඳවුම්කරු වසන්තව අත්අඩංගුවට ගෙන පැය 72ක් ප්‍රශ්න කරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. නමුත් මම කියන්නේ රනිල් අපිව බිය වද්දන්න මහළු වැඩි බවයි. රනිල්ගේ කඳවුර අද රඳා පවතින්නේ 134 දෙනෙක් මතයි. දැන් මේ රටේ ජනතාව පාලකයන් කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ.

මේ කඳවුරට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළගැසී ඉන්නවා. ගමන්කරමින් තිබෙන ආර්ථික දේශපාන මාවත වෙනස් කරන්න ඔවුන් පෙළ ගැසෙනවා. ගෝල්ෆේස් පිටියෙත් රට පුරාත් පෙළ ගැසී සිටිනවා. ජාතික ජන බලවේගය සමස්ත ජනතාවගේ අරමුණු වෙනුවෙන් අරගල කරමින් ඉන්නවා. මේ අරගලයෙන් රනිල් රාජපක්ෂ කඳවුර විතරක් නොවෙයි සජිත් ප්‍රේමදාස ඇතුළු සිඟිති කඳවුරත් අභියෝගයට ලක්වෙනවා. ඔවුන් ජනතාවත් එක්ක දේශපාලනය කරනවා වෙනුවට තමන්ගේ පිරිස ආරක්ෂා කර ගන්න අරගලයක ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන්නේ සජිත්ලාගේ වැඩපිළිවෙළලු. මේ නිසා ඔවුන් දේශපාලනයේ නන්නත්තාර වූ කණ්ඩායමක් බවට පත්වී සිටිනවා. ඒ වගේම රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඩලස් අලහප්පෙරුම ඡන්දය ඉල්ලලා ආණ්ඩු පක්ෂයේ වාඩිවී ඉන්නවා. තව කණ්ඩායමක් ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා විපක්ෂයේ වාඩිවී ඉන්නවා. අද පාර්ලිමේන්තුවේත් එළියේත් ඔවුන්ගේ කඳවුර සුනුවිසුනු වෙලා තිබෙන්නේ. නිශ්චිත මතවාදයක්, ඉලක්කයක් සහිතව සාමූහිකව වැඩකරන, ඉතාමත් දුෂ්කර තත්වයක් යටතේත් නුගේගොඩ මහා හිස්ගොඩක් බවට පත්කළ හැකි වූයේ ජාතික ජන බලවේගයට පමණයි.
ගෝඨාභය 69ලක්ෂයකින් ජනාධිපති වුණා. මහින්ද අගමැති කරන 2/3කේ පාර්ලිමේන්තු බලයක් දුන්නා. නමුත් අද ඒ ජනමතය නියෝජනය කරන්න කිසිම බලයක් මේ අයට නැහැ. ව්‍යවස්ථාව ඇතුලේ වංගු ගහලා බලයක් හදාගෙන තිබෙන්නේ. රනිල් ගෙදර යවන්න ඡන්දය දීලා රනිල්ගේ ආණ්ඩුව යටතේ ඉන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැහැ. ජනමතයට ගරු කරනවා නම්, මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනවරමකට ඉඩ ලබාදිය යුතුයි. මහා පරිමාණ වංචා-දූෂණවලට විරුද්ධව ජනතාව පාරට බැස්සා.

බැසිල් රාජපක්ෂ ලංකාවෙන් යන්න හදනකොට ගුවන් තොටුපළවලින් යන්න නොදුන්නේ මහජනයාගේ දේපොළ හොරකම් කළ අයට යන්න දෙන්න බැහැ කියලයි. රනිල් මේ අයට දඬුවම් කරන්නේ නැහැ. රනිල් නාමිකව හරි එහෙම කරන්න සූදානම් නම්, රතු වරෙන්තු නිකුත් කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්න කියලා අභියෝග කරනවා. ජපානයෙන් ගුවන් තොටුපළ ව්‍යාපෘතියකට කොමිස් ඉල්ලූ බවට චෝදනා ලැබූ නිමල් සිරිපාල ඇමතිකමෙන් ඉල්ලා අස්කර තිබියදී, රනිල් වික්‍රමසිංහ කොමිසමක් පත්කර ඔහු නිර්දෝෂියෙක් කරලා ඒ අමාත්‍යාංශයම නැවත ලබාදෙනවා. ඒ වගේම කප්පම් ගත් බව ඔප්පු වුණු ප්‍රසන්න රණතුංගට කෝටි දෙකහමාරක දඩයක් අධිකරණයෙන් නියම කළා. අවුරුදු 4ක අත්හිටවූ සිරදඬුවමක් දුන්නා. ඒ ප්‍රසන්න රණතුංගත් රනිල් වික්‍රමසිංහගේ කැබිනට් ඇමති කෙනෙක්. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියටත් පත්කරලා.

මේ නිසා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබාදෙන්න ඕනෑ. හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපට අරගලයක් තිබෙනවා. ඒ වගේම යල් පැන ගිය ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොකරන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනවරමක් ඕනෑ. ඊළඟ ජනවරම අපි ඉල්ලන්නේ මේ රටට ජනතාවාදී ව්‍යවස්ථාවක් ලබාදීම වෙනුවෙනුයි. ජනතාවගේ ඇත්ත අපේක්ෂාවන් නියෝජනය කරන ව්‍යවස්ථාවක් ගෙන එන්න අවශ්‍යයි. ජනතා කැමැත්තෙන් තොරව පාර්ලිමේන්තුවේ අටවා ගන්නා ජනාධිපති පත්කරන ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.

ඒ වගේම ජීවිත කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර, නව ආර්ථිකයක් ගොඩනඟන්න ජනවරමක් අවශ්‍යයි. අප්‍රේල් මාසයේ 08වැනිදා සිට විදේශ ණය නොගෙවන බංකොලොත් රාජ්‍යයක් බවට අපේ රට පත්කර තිබෙනවා. දැන් ලංකාව ලෝක පොලුකාරයෙක්ගේ තත්වයට පත්කරලා තිබෙන්නේ. නොගෙවා සිටින ණය නීත්‍යාණුකූලව පස්සට දාගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. කඩා වැට්ටූ මේ ආර්ථිකය ගොඩගන්න නව ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාවට නැගීමේ නව ජන බලයක් අවශ්‍යයි. මේ සඳහා රට තුළ ඉන්න ජනතාව පමණක් නොවෙයි, ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි පෙළ ගස්වනවා. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ දැනටමත් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් අරගල කරමින් සිටිනවා. පසුගිය ජනතා නැගිටීම බාග ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්. ඒ නිසා තවදුරටත් භාග ජයග්‍රහණ නොවෙයි, අවසන් ජයග්‍රහණ ලබාගන්නත් සටන් පෙරමුණු ජාතික ජන බලවේගයෙන් ගොඩනඟා ජයග්‍රහණය දක්වා ගෙනයනවා. 74වසරක සාපලත් පාලනය නිමාකර, ජනතා ජයග්‍රහණ ලබාගන්නත් පාලනයක් අපි පිහිටුවනවා. ඒ වෙනුවෙන් අපි සෑමදෙනෙක්ම පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.

 

Post Views: 1
Previous Post

ළමා මිතුරු මාධ්‍යය සංස්කෘතියක් රටට අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත්

Next Post

එක්ව වැඩ කර රට ගොඩනඟමු .. වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්න – ජනපති

editor

editor

Next Post

එක්ව වැඩ කර රට ගොඩනඟමු .. වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved