• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුරුවරුන්ට සහ සිසුන්ට ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක්

27 July 2022
in දේශීය

ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දරුවන්ට අපහසුවකින් තොර ව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත් ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ලංකා පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ඛනිජ තෙල් සංස්ථාවේ අළෙවි කළමනාකරු එස්. එම්. සී. පී. සමරකෝන් සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (26) දින පැවැත්විය.

මෙහි දී පාසල් වෑන් හා බස් රථ සඳහා ආසන්න ම ඩිපෝ මගින් අවහිරයකින් තොර ව නියමිත ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා දීමටත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගමනාගමන මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව සතියට දින දෙකක් (බදාදා සහ සෙනසුරාදා) ඩිපෝ මගින් අවශ්‍ය ප්‍රමාණයට නිසි කළමනාකරණයක් යටතේ ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස්රථ සේවාවක් අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයට යෙදවේ. පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙම බස් රථ ලබා දීමට එකඟ වී ඇති අතර අගෝස්තු 01 දා සිට ගුරු සිසු දෙපිරිසට ම මුදල් ගෙවා අපහසුවකින් තොර ව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි ය.

අවහිරයකින් තොර ව ඉන්ධන ලබා දීමට සකස් කළ නව වැඩපිළිවෙළ බස් රථ සංගම්වල පැසසුමට ලක් වූ අතර එයට සියලු දෙනාගේ සහයෝගය ලබා දීමට ද මෙහි දී එකඟතාව පළ විණි.

 

Post Views: 9
Previous Post

කොවිඩ් උවදුර ඉවර නෑ… නොපමාව කොවිඩ් එන්නත ගන්න – සෞඛ්‍ය බලධාරින් ගෙන් උපදෙස්

Next Post

වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

editor

editor

Next Post

වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved