27 April 2024
#දේශීය

වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් වජිර අබේවර්ධන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මෙලෙස වජිර අබේවර්ධන මහතා පත් විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *