• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

8 October 2023
in දේශීය

අනුරාධපුර , නොච්චියාගම ගාලදිවුල්වැව පොලිස් වසමේ නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කුමාර එළිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.ජී ප්‍රසාද් නිලන්ත කුමාර (46) නම් දෙදරු පියෙකි.

ඔහු වෘත්තියෙන් කිරි ගොවියකු වන අතර, රාත්‍රී කාළයට තම ගවගාලේ කටයුතු හා ආරක්ෂාව වෙනුවෙන් නිවසේ සිට කිලේා මීටර 03 ක් පමණ එපිටින්, නොච්චියාගම ගාලදිවුල්වැව පොලිස් වසමේ නෙලුම්තොට්ටම ප්‍රදේශයේ පිහිටි තම ගවගාල අසල පැලක් සදාගෙන ඔහු රැදී සිටිනු ලබයි. සුපුරුදු පරිදී ඊයේ (07) දිනද ගව ගාලේ කටයුතු සදහා රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ඔහු පැලට ගොස් ඇති අතර, තම පැලට ආසන්නයේ පිහිටි කොහුමෝලක නවාතැනක් පිටුපසදී මෙලෙස වන අලි පහරදීම සිදු වී ඇත.

කොහුමෝලේ හිමිකරු සමඟ අදාළ කොහුමොලේ නවාතැන තුළට ගොස් කථා බහ කරමින් සිට ඇති අතර, කොහු මෝලේ හිමිකරු අසල වෙළඳසැලකට ගොස් නැවත පැමිණි පසු නිලන්ත කුමාර මහතා නවාතැන තුළ නොසිටි බවත්, ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ සිටිනු දුටු බවත්, නිලන්ත කුමාරට වන අලියකු පහරදී ඇති බව ඉන් පසු දැනගත් බවත් කොහුමෝලේ හිමිකරු පවසයි.

වන අලි පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නිලන්ත කුමාර මහතා නෝච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි නොච්චියාගම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් -අනුරාධපුර

Post Views: 11
Previous Post

ත්‍රිවිධ හමුදාව ආපදා සහන සැලසීමේ නිරන්තර මෙහෙයුම් දියත් කරයි

Next Post

මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි -අධ්‍යාපන අමාත්‍ය සුසිල්

editor

editor

Next Post

මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි -අධ්‍යාපන අමාත්‍ය සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved