• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

2 September 2022
in දේශීය

වසර පහක් තිස්සේ මාතලේ සහ ඒ අවට ප්‍රදේශවල ගෙවල් රැසක් බිද රුපියල් ලක්ෂ ගණනක රන් භාණ්ඩ කොල්ල කෑ නමගිය අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනිමට මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙම සැකකරු මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් රාත්‍රි අපරාධ වැලැක්විමේ රාජකාරි සිදු කරමින් සිටි අවස්ථාවේදි සැකකරු මාතලේ ඇල්වල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් මිලිගෑම් 5250ක් ද තිබි සොයා ගත් බවද පොලිසිය කියා සිටියේය.

57 හැවිරිදි සැකකරු මාතලේ සහ මුරුතලාවෙල පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකරු මුරුතලාවේ සිට මාතලේ ප්‍රදේශයට කුමන හේතුවක් මත පැමිණීයේද යන්න පිළීබදව දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදු කළ බවත් දින හතක රැදවුම් නියෝග ලබා ගෙන සිදු කරන ලද දිර්ඝ විමර්ශනවලදි සැකකරු විසින් සිදු කළ මෙම ගෙවල් බිද රන් භාණ්ඩ කොල්ලකෑම් සිදු කර ඇති බව අනාවරණය වු බවද පොලිසිය කියයි.

සැකකරු විසින් රාත්‍රි කාලයේ දි 2017 වසරේ සිට 2022 දක්වා කාලය තුළ නිවාසවලට ග්‍රීල් කොටස ගලවා සිදු කර ඇති බවත් සැකකරු විසින් රන් භාණ්ඩ මාතලේ,මහනුවර,කටුගස්තොට,පිළිමතලාව,කුරුණැගල,දඹූල්ල වැනි දිවයිනේ ජනප්‍රිය උගස් මධ්‍යස්ථාන වෙත උකස් කර ඇති බවට අනාවරණය වි ඇති අතර ඇතැම් රන් භෘණ්ඩ බේරා නොගත් නිසා සින්න වි ඇති බවද පොලිසිය කියයි.

සැකකරු විසින් සොරකම් කරන ලද රන් භාණ්ඩ අතර පවුම් 25ක් සොරකම් කරන ලද ටැබ් පරිගණකයක් ඇතුලු භාණ්ඩ සොයා ගෙන ඇති අතර සැකකරු සිදු කරන ලද සොරකම් 39ක තොරතුරු සොයා ගැනිමට හැකියාව ලැබි ඇති අතර තවත් සොරකම් රැසක් පිළිබදව විමර්ශනය කරන බවද පොලිසිය කියයි.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් වංශනාථ මහතාගේ සහ මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවිම මත , මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන ,උ.පො.ප ඒකනායක,උ.පො.ප ඇනස්ලි,උ.පො.ප රේමන්,පො.සැ6922 බණ්ඩාරනායක,පො.සැ45969 ජයවිර,පො.සැ37281 දසනායක,පො.සැ 14614 දිසානායක,පො .සැ 35809 දිමුතු,පො.සැ 57197 ලසන්න,පො.කො 66784 කරුණාරත්න යන නිලධෘරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 18
Previous Post

ආයෝජකයින් සුරක්ෂිත කිරීමට ජනපතිගෙන් කාර්ය සාධක බලකා 08ක්

Next Post

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණයක් - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved