• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SLT-MOBITEL සමූහයෙන් ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක්

30 August 2021
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

SLT-MOBITEL සමූහය සතු දැනුම හා අත්දැකීම් සමගින්, විද්වතුන්, සන්නිවේදන ක්ෂේත්‍රය, සෙසු සම්බන්ධිත පාර්ශව, සහ ව්‍යවසායකයන්ද සම්බන්ධ කරගනිමින්, ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් විසඳුම් හඳුන්වා දීම මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත.

Intrapreneurship Studio, Entrepreneurship Studio සහ Venture Capital Studio යන ප්‍රධාන පදනම් තුන ඔස්සේ ‘The Embryo’ වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය, කෘෂිකර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රය, සහ මූල්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රයන් රාශියක් ආවරණය වන පරිදි, 4G, 5G, GPON, Cloud Computing, Open RAN, Intent Driven Network, IoT, Open Source Applications, Block chain, Analytics including AI / ML / DL, Hyper Automation (RPA / DPA), Open Digital Architecture (API, Micro services, Zero touch Networking) සහ Developer Platforms වැනි නවීනතම තාක්ෂණයන් යොදා ගනිමින් නවමු විසඳුම් හඳුන්වා දීම සිදුකෙරෙනු ඇත.

මෙම වැඩසටහන මගින් නව පරපුරේ නවෝත්පාදකයන්ට SLT-MOBITEL සමූහයේ දැනුම සහ නිපුණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, ඒ ඔස්සේ නවතම ඩිජිටල් නිෂ්පාදන හා සේවාවන් නිර්මාණය වීමට තුඩුදෙන හවුල්කාරීත්වයන් රාශියක් ස්ථාපිත වනු නිසැක ය.

‘The Embryo‘ වැඩසටහනේ Intrapreneurship Studio අංශය දැනටමත් ආරම්භ වී තිබේ. මෙමගින් SLT-MOBITEL සමූහයේ සේවක සේවිකාවන්ට තම නිපුණතා ඔස්සේ ව්‍යවසායකයන් බවට පත්වෙමින්, අනාගත තාක්ෂණයන් සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත. සමූහයේ සාමාජික සාමාජිකාවන් සවිබල ගැන්වීම හා දිරිමත් කිරීම සිදුකරන Intrapreneurship Studio, ඔවුන්ට තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින්, නව ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් උදෙසා ආරම්භක පියවර තැබීමට අවස්ථාව ලබාදෙයි.

Entrepreneurship Studio සැලසුම් කර ඇත්තේ මුල් අදියරේ සිටින ව්‍යවසායකයන්ට අවශ්‍ය අරමුදල්, මගපෙන්වීම සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා ඔස්සේ දියුණුව ළඟාකර ගැනීමට මංපෙත් විවර කරදීමක් වශයෙනි. එහි ප්‍රථම අදියර 2021 මැයි මාසයේදී ආරම්භ වූ අතර, මේ වනවිට එය උපදේශන හා පුහුණු අදියර වෙත ළඟා වෙමින් පවතී.

මෙම වැඩසටහන සඳහා තෝරාගනු ලැබූ ව්‍යවසායකයන්ට ඉහළම තලයේ සම්පත් දායකයන් වෙතින් මගපෙන්වීම හා පුහුණුව මෙන්ම වැඩමුළු හා පුහුණු කඳවුරු සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා වේ. එමෙන්ම තමන් වෙත හිමි වූ මගපෙන්වීම ඔස්සේ වැඩිදියුණු කරගත් විසඳුම්, ප්‍රදර්ශන දිනයකදී එළිදැක්වීමටද ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ප්‍රාග්ධනය නොමැති වීම නිසා මූලික මට්ටමේ ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වය අඩපණ වීමේ අවදානම වැළැක්වීම අරමුණු කරගත් Venture Capital Studio අංශය, සම-අරමුදල් සම්පාදනය ඔස්සේ එම ව්‍යාපාර වලට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමට කටයුතු කරයි. ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඔස්සේ, නවක ව්‍යාපාරයන්ට අත්‍යවශ්‍ය වන මූලික ආයෝජනයන් සිදුකරමින් එම ව්‍යාපාර වල දියුණුවට අවස්ථාව සලසා දීම මෙමගින් සිදුකෙරෙනු ඇත.

එමෙන්ම තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ, සමාජයේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම ‘The Embryo’ වැඩසටහනේ තවත් අරමුණකි. එහි එක් පියවරක් වන ‘The Elephant Decoder Hackathon’ වැඩසටහනේ ඉලක්කය වන්නේ, අලි-මිනිස් ගැටුම සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුන්වා දීම ය.

නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ලබාදෙන අත්වැල තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ‘The Embryo’ වැඩසටහන මේ වනවිට, මොරටුව විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යන පාර්ශ්වයන් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ. ඉදිරියේදී රටේ තවත් ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන රැසක් මෙම වැඩසටහන සමග එක්වනු ඇත.

මීට අමතරව ‘The Embryo’ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා, රටේ ප්‍රමුඛ පෙළේ විද්වත් දායකත්වයන් සමගින් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයන් ස්ථාපිත කිරීමටද මේ වනවිට පියවර ගෙන තිබේ.

‘The Embryo’ වැඩසටහන ඔස්සේ අදාළ සියලුම පාර්ශ්වයන් සමග අත්වැල් බැඳගනිමින්, තාක්ෂණය පදනම් කරගත් සුහුරු දේශයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කිරීම SLT-MOBITEL හි අරමුණ වී ඇත.

 

පිටපත – PR

Post Views: 15
Previous Post

මේ ආණ්ඩුවට මොළයකුත් නෑ හදවතකුත් නෑ – මන්ත්‍රී පාඨලි

Next Post

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ

editor

editor

Next Post

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved