• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහනගර සිමාව තුළ විශේෂ ගිලන් රථ සේවාවක්

19 November 2020
in දේශීය

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හෙට සිට (20) විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ ඊයේ දිනයේ දී කොවිඩ් රෝගීන් 325 ක් වාර්තා වු බවයි.

ඉන් බහුතරයක් වාර්තා වුනේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවත් රෝගීන් 385 ක් රෝගය සුව වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ දිනය තුල පිටව ගොස් තිබෙන බව හෙතෙම පැවසිය.

කොළඹ මහනගර සභා සීමාව තුල හුදෙකලා කර ඇති ප්‍රදේශ තුලින් වැඩිපුරම රෝගීන් වාර්තා වී තිබෙන බැවින් එම හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගීන් සිටිනවා නම්, ඔවුන්ට රෝහලකට ඒ්මට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එම අවශ්‍යතාවය සදහා මීතොටමුල්ල විද්‍යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ගිලන් රථ ඒ්කකයක් ස්ථාපිත කොට තිබෙන බව ගුණවර්ධන මහතා පැවසිය.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ යටතේ කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව එය ක්‍රියාත්මක වන අතර එහි දුරකථන අංකය 011- 3422558 යි.

කිසියම් රෝගියෙකුට 1990 ගිලන් රථ සේවාව ලබාගැනීමට අපහසු නම් මෙම සේවාව භාවිත කර කඩිනමින් රෝහලක් වෙත පැමිණිය හැකියි. කිසිම රෝහලකට පැමිණීමට බිය විය නැති බවත් හුදෙකලා ප්‍රදේශවල ජනතාව මෙම සේවාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බව ගුණවර්ධන මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම හුදකලා කර තිබෙන ප්‍රදේශ සදහා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය ද එක්ව හෙට දිනයේ (20) සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන අතර සායන වෙත පැමිණිය නොහැකි, ඖෂධ අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ට ඒ අනුව එම සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔබ වෙත ලබා දී ඇති සෞඛ්‍ය පිළිවෙත් තවදුරටත් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

බස්නාහිර හැර තෙවන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වේ – අධ්‍යාපන අමාත්‍ය ජී.එල්

Next Post

පාසල් දරුවන් අනතුරේ නොදමා නිරෝධායන නීති අකුරට ක්‍රියාත්මක කරන්න – සමන් රත්නප්‍රිය කියයි

editor

editor

Next Post

පාසල් දරුවන් අනතුරේ නොදමා නිරෝධායන නීති අකුරට ක්‍රියාත්මක කරන්න - සමන් රත්නප්‍රිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved