27 April 2024
#දේශීය

මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවිමට නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂ කාරක සභාවක් පත් කල බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) දින පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කෙරිණ.

ඒ අනුව නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩී. වී. චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම පිණිස පත් කොට ඇති බව කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කලේය.

කෙසේ වෙතත් මෙම පත්කිරීම් සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල වු අතර එහි සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *