27 April 2024
#දේශීය

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පොන්නාලෛයි ප්‍රදේශයේ ඊයේ (05) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය විසිහතකට (227) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථයක් (01) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර අත්තේ මාර්ගයේ ධාවනය කරමින් තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂා කිරීමේදීය. එම ලොරි රථයේ තිබූ උර අටක් (08) තුල පාර්සල් එකසීයය පහක (105) අසුරන ලද කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 915 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 915 ක තොගය සැකකරු(01) සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුක්කෝඩෙයි පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *