27 April 2024
#දේශීය

කෘෂිකර්ම ඇමති රත්තොට ගම්මිරිස් ගොවින් හමුවෙයි

ගම්මිරිස් අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාතලේ රත්තොට අඹගස්තැන්න ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද රත්තොට කුළුබඩු සැකසුම් මධ්‍යස්ථානය සහ ගබඩාව විවෘත කිරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිදු විය.

කෘෂිකර්ම අමත්‍යංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ මේ සදහා මුල්‍ය දායත්වය ලබා දි ඇති අතර රත්තොට සමුපාකාර විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් මෙම කටයුතු සිදු කරනු ලබයි.

මේ මධ්‍යස්ථානය ආරම්භ කිරිමත් සමග රත්තොට සහ අඹන්ගගකෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහි ප්‍රතිලාභි පවුල් 2500ක සෙත සැලසෙන අතර මේ සදහා වැය කර ඇති මුදල රුපියල් 292,400,00 කි.

මෙහිදී ප්‍රදේශිය ගම්මිරිස් වගාකරුවන්ට පැවති කාලීන ගැටළු රාශියක් පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳව අවශ්‍ය කඩිනම් විසඳම් ඉදිරියේදී ලබාදීමට අපේක්ෂිතය.

සමුපකාර ග්‍රාමීය බැංකුවේ සභාපතිතවරයාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අජිතා මානික්‍රම ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සිසිල් නිශ්ශංක මහතා ඇතුළු නිළධාරි මහත්ම මහත්මින් සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයෝ සහ ප්‍රාදේශීය ගම්මිරිස් වගාකරුයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *