ස්ලැබල්කොයින් (Stablecoin) පාලනය සඳහා හඳුන්වා දුන් GENIUS පනතේ නීති රීති කෙටුම්පත් කිරීම සඳහා තවදුරටත් කාලය ලබා දෙන ලෙස ඇමරිකානු බැංකු සංගමය (ABA) එරට මූල්‍ය නියාමන ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ. මෙම පනත යටතේ නිකුත් කෙරෙන අවසන් නීති රීතිවලට අදහස් දැක්වීම සඳහා තවත් දින 60ක අමතර කාලයක් ඔවුන් ඉල්ලා සිටියි.
මුදල් පාලක කාර්යාලය (OCC) මගින් නිකුත් කරන අවසන් නීති රීති මත අනෙකුත් ආයතනවල (Treasury, FDIC, FinCEN) නීති රීති තීරණය වන බැවින්, OCC නීති මාලාව ස්ථාවර වන තෙක් නිසි අදහස් දැක්වීමක් කළ නොහැකි බව බැංකු සංගමය පෙන්වා දෙයි. 2025 ජූලි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද මෙම GENIUS පනත, ඇමරිකානු ස්ටේබල්කොයින් පද්ධතිය විධිමත් කිරීම අරමුණු කරයි. පනතට අනුව නීති රීති ප්‍රකාශයට පත් කර දින 120කින් හෝ පනත සම්මත වී මාස 18ක් ඇතුළත එය බලාත්මක විය යුතුය.
බැංකු ක්ෂේත්‍රයේ මෙම ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, ඇමරිකාව තුළ ස්ටේබල්කොයින් නීති රීති බලාත්මක වීම තවත් මාස දෙකකින් පමණ ප්‍රමාද වනු ඇත. ස්ටේබල්කොයින් හරහා ලැබෙන පොලී ආදායම් තහනම් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් බැංකු සහ බැංකු නොවන ආයතන අතර පවතින තරඟකාරීත්වය ද මෙහිදී ප්‍රධාන සාකච්ඡාවට බඳුන් වී තිබේ. මේ අතර, ක්‍රිප්ටෝ වෙළෙඳපොළ ව්‍යුහය පිළිබඳ CLARITY පනත සම්බන්ධයෙන් ද සෙනෙට් සභාව තුළ තවමත් අවසන් එකඟතාවක් ඇති වී නොමැති අතර, එහි ඉදිරි කටයුතු ලබන මැයි මාසයට කල් දමා ඇති බව වාර්තා වේ.














