විෂ මද්‍යසාරවලට ඇබ්බැහි වීම මගින් මොළයේ පවතින සතුට සහ තෘප්තිය පාලනය කරන ඩොපමින් (Dopamine) හෝමෝන ශ්‍රාවය අධික ලෙස උත්තේජනය කරමින්, මොළයේ ස්වාභාවික ක්‍රියාකාරිත්වය සහ රසායනික සංයුතිය දිගුකාලීනව වෙනස් කරන බව උපදේශක සහ මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවසයි.
සාමාන්‍යයෙන් ආහාර ගැනීම, ව්‍යායාම කිරීම හෝ සමාජශීලී වීම වැනි දෛනික ක්‍රියාකාරකම්වලදී පාලනය කළ මට්ටමකින් නික්මෙන ඩොපමින් හෝමෝනය, විෂ මද්‍යසාර භාවිතය නිසා අධික ලෙස ශ්‍රාවය වන බවත්, එමගින් මොළයේ සෛලවල සංවේදීතාව අඩු වන බවත් (Receptor downregulation) හෙතෙම පෙන්වා දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ජීවිතයේ සතුට විඳීමේ හැකියාව අහිමි වී වැඩි මද්‍යසාර ප්‍රමාණයක් සෙවීමේ චක්‍රයකට පුද්ගලයා හසුවන බැවින්, මද්‍යසාර ඇබ්බැහිවීම් සඳහා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
















