• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලි – මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය යොදා ගන්නවා- ඇමැති පවිත්‍රා

20 December 2023
in දේශීය

අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘති අනුරාධපුර, පුත්තලම, අම්පාර ඇතුළු අලි මිනිස් ගැටුම් බහුලව ඇති ප්‍රදේශවල ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය ” වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිශානතිය වෙලා තිබෙන්නේ වනය ආරක්ෂා කිරීමටයි. මම අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නව වැඩපිළිවෙළක් තුළින් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව වනය මායිමේ සිටින ජනතාවට වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. වනය නිසාම ඔවුන්ගේ ජීවිකාව ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබුණොත් ඔවුන්ම වනය ආරක්ෂා කරනවා. වනය මායිමේ ජීවත් වන ජනතාවට වනයෙන් ලබාගත හැකි ද්‍රව්‍ය තිබෙනවා. ඔවුන්ට එම ද්‍රව්‍ය ලබා ගැනීමට අවසර ලබා දුන්නොත් වනය ද ආරක්ෂා කර ගන්න පුළුවන්. විශේෂයෙන් හරිත සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ද විශාල වැඩකොටසක් කිරීමට හැකියාව තිබෙනවා. පරිසරය අලෙවි කළොත් මේ රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ගෙන එන්න පුළුවන්. ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 29%ක්ම වනය තිබෙනවා. මේ වනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත්, හානි වූ වනය ආරක්ෂා කර ගැනීමට අලුතින් ගස් සිටුවීමටත් කටයුතු කරනවා. රටේ පවතින කැළෑව වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පැළ ලබා දීමටත් කටයුතු කරනවා. මාර්ග දෙපසත් ගස් වගා කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ පැළ ලබාදීමේ ව්‍යාපෘතියක් රජයක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2022 වසරේ අමාත්‍යාංශය රුපියල් මිලියන 1670ක ආදායමක් ලබා තිබුණා. මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 4700ක ආදායමක් ලබා ගැනීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 135%කින් ආදායම වැඩි කර ගැනීමක් බව කිව යුතුයි. තවද අලි – මිනිස් ගැටුම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මේ පුංචි රටේ ජනගහණය මෙන්ම අලි ගහණයත් වැඩි වෙමින් පවතිනවා. විවිධ වාරි ව්‍යාපෘති හමුවේ අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාවගේ වගා කටයුතු නිසාත් අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාව ජීවත් වන ප්‍රදේශවලට අලින්ගේ පැමිණීම වැළැක්වීමට ලබන වසරේ අලුතින් කිලෝමීටර් දහසක් පමණ ඇලි වැට ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා. එසේම බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින ශ්‍රමිකයන් 4000ක් පමණ අමාත්‍යාංශයේ ස්ථීර සේවකයන් ලෙස බඳවා ගෙන ඇලිවැට ආරක්ෂා කර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනවා. මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක කළහොත් අලි මිනිස් ගැටුමට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. මේ ආකාරයේ නොයෙකුත් ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් අලින්ගේ ජීවන වටපිටාව ද ආරක්ෂා කිරීමට ද කටයුතු කරනවා. එසේම අලි මංකඩ ඇති ජනතාවගේ ඉඩම් වෙනුවට වෙනත් විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරනවා. අධි ආලෝක ධාරා, අධික ශබ්ද තරංග මගින් ද අලි පලවා හැරීමට පුළුවන්කම තිබෙනවාද යන්න සම්බන්ධවත් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාවික හා ගුවන් හමුදාවේ සහාය ඇතිව ‍ඩ්‍රෝන යානා යොදා ගෙන ද අලි පලවා හැරීමට අත්හදා බැලීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

රජය රටින් හාල් ගෙන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන- ආචාර්ය හර්ෂ

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් අවශ්‍යයි – ජනපති

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් අවශ්‍යයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved