27 April 2024
#සංවර්ධන

දෙස් විදෙස් සංචාරකයින්ට සියලුම කෞතුකාගාර විවෘත වෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට යටත් ව මේ වන තෙක් මාස ගණනාවක් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන වසා තිබූණි.

ඒ අනුව සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍යය නීති රීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාල චක්‍රලේඛ වලට අනුගතව විවෘත වනු ඇත.

ඒ සමග ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය , දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය , අභයගිරිය සීගිරිය , මහනුවර , පොළොන්නරුව , කතරගම , යාපහුව , රත්නපුර ,මොණරාගල , නාමල් උයන , ත්‍රිකුණාමලය , දඹදෙණිය , රිදී විහාරය , යාපනය , රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර විවෘත වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *