ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්ෂේත්‍රයේ තාක්ෂණික ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින්, ලොව සුපතල ‘Allen & Heath’ නිෂ්පාදනවල මෙරට නිල නියෝජිත මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම විසින් සංවිධානය කළ ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහන පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් කෙරුණා. නවීන ඩිජිටල් ශබ්ද සංකලන තාක්ෂණය (Digital Mixing Technology) පිළිබඳ ගැඹුරු දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීම් සමුදායක් ශ්‍රව්‍ය ඉංජිනේරුවන්, සංගීත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ උත්සව නිෂ්පාදන සමාගම් වෙත ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වුණා.
වසර 25කට අධික කාලයක් ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මල්ටි සමූහ ව්‍යාපාරයට අයත් මෙම සමාගම, ගෝලීය මට්ටමේ තාක්ෂණික විසඳුම් දේශීය වෘත්තිකයන් වෙත සමීප කිරීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සජීවී විනෝදාස්වාද සහ උත්සව නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි අත්‍යවශ්‍ය කරුණක් වන Workflow Optimization, ඩිජිටල් ශබ්ද කළමනාකරණය සහ උසස් Console විශේෂාංග ආදී විෂය කරුණු පිළිබඳව මෙම වැඩසටහනේදී වැඩි අවධානයක් යොමු කෙරුණා. මෙහිදී සහභාගි වූවන්ට Allen & Heath පද්ධතිවල නම්‍යශීලීභාවය සහ විශ්වාසනීයත්වය සජීවීව අත්දැකීමටත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
මල්ටි ඕඩියෝ විෂුවල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිලක් අරුණසිරි මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පද්ධති මෙරටට හඳුන්වා දීමට අමතරව, ඒවායේ උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ ආත්ම විශ්වාසය දේශීය වෘත්තිකයන් තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි. ඉදිරියටත් අධ්‍යාපනික මුලපිරීම් සහ තාක්ෂණික සංවර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ සජීවී උත්සව, විනෝදාස්වාද සහ විකාශන ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීමට සමාගම කැපවී සිටින බව එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා.
















