• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලියාන්ස් ලංකා සමාගම D&O රක්ෂණය පිළිබඳ විශේෂ වැඩමුළුවක් පවත්වයි

13 June 2023
in දේශීය

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා Allianz Global Corporate Specialty SE සමග එක්ව ශ්‍රීලාංකේය රක්ෂණ තැරැව්කරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළේය.

Directors and Officers (D&O) වර්ගයේ රක්ෂණ සම්බන්ධයෙන් ලොව පවතින නවතම ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.

විවිධාකාර වූ ආයතනික පාරිභෝගිකයන් කළමනාකරණය කිරීම සඳහා රක්ෂණ තැරැව්කරුවෝ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරති. ඔවුන්ගේ කාර්යභාරය වෙනුවෙන් කෘතඥතාව ප්‍රකාශ කිරීම සඳහා D&O රක්ෂණය සහ රක්ෂණ ක්ෂේත්‍රයේ ලොව පුරා සිදු වූ සංවර්ධනයන් හා වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට අලියාන්ස් ලංකා විසින් වඩා තීව්ර වූ පුහුණු සැසියක් පැවැත්වීම සිදු කළේය.

One Galle Face හි පිහිටි අලියාන්ස් ලංකා නව ප්‍රධාන කාර්යාලයේදී මෙම විශේෂ වැඩමුළුව පැවැත් වූ අතර, Allianz Global Corporate & Specialty හි කලාපීය පරිචයන් ප්‍රධානී (Cyber & Tech PI) උන්නති බජ්පායි සහ ඉන්දියාවේ මූල්‍ය රක්ෂණ සම්බන්ධ ප්‍රවීණ ප්‍රාරක්ෂණ නිලධාරිනියක වන දිව්‍යා ශ්‍රියාන් මෙම වැඩමුළුව මෙහෙයවූහ.

මෙම වැඩමුළුවට අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර, 50 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. ඔවුන් සියලුම දෙනාට තම ස්තූතිය පළකළ අලියාන්ස් ලංකා සමාගම, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට දක්වන දායකත්වය අගයමින් ඔවුන්ට සහතිකපත් පිරිනැමීමටද කටයුතු කළේ ය.

රක්ෂණ තැරැව්කරුවන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර සහ, D&O රක්ෂණ සැලසුම් ගනුදෙනුකරුවන් අතරට රැගෙන යාම සඳහා ඔවුන් දක්වන දායකත්වය අගය කරමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ඇලන් ස්මී මහතා සඳහන් කර සිටියේ “අපගේ තැරැව්කරුවන්ගේ දැනුම සහ මෙහෙවර අප බෙහෙවින් අගය කරනවා. සේවාදායකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය ප්‍රශංසනීයයි. D&O රක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ පවතින නවතම දනුම හා ප්‍රවණතා ඔවුන්ට හඳුන්වා දීම මගින් මෙම දායකත්වය තවදුරටත් ශක්තිමත් කළ හැකි බව අපට වැටහුණා. ඉදිරියටත් ඔවුන් සමග සමීපව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

D&O රක්ෂණ සැලසුම් මගින් සමාගමක කළමනාකාරීත්වයට සහ ආයතනික නිලධාරීන්ට අත්‍යවශ්‍ය රැකවරණය හිමි වේ. වර්තමාන නෛතික පරිසරය වඩාත් සංකීර්ණ වීමත් සමග, ව්‍යාපාරවලට නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු විවිධ අවදානම්වලට මුහුණ දීමට සිදු වී තිබේ. ප්‍රවෘත්ති වාර්තාකරණයන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් කරුණු වේගයෙන් පැතිරී යාම (Viral වීම) වැනි හේතු සාධක මත මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරී ඇත. මෙවැනි පසුබිමක් තුළ ඇති විය හැකි නීතිමය වියදම් සැලකිල්ලට ගනිමින්, D&O කාණ්ඩයේ රක්ෂණ ලබාගැනීමට සමාගම් හා ආයතන පෙළඹී සිටී. මෙම රක්ෂණ මේ වනවිට අදාළ ක්ෂේත්‍රවල ඉහළම තලයේ වෘත්තිකයන් බඳවාගැනීමේදී බලපාන තීරණාත්මක සාධකයක් බවටද පත් වී ඇත.

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, ආයතනික පාරිභෝගික භවතුන්ට ඉහළම තලයේ විසඳුම් සමගින් විශිෂ්ට සේවාවක් සැපයීමේ හැකියාව සහිත රක්ෂණ තැරැව්කරුවන් පිරිසක් නිර්මාණය කිරීම සඳහා අලියාන්ස් ලංකා සමාගම සෑම විටම කැප වී සිටී. ඉදිරියටත් D&O කාණ්ඩයේ රක්ෂණ සම්බන්ධ නවතම දැනුම මෙරට රක්ෂණ තැරැව්කරුවන් වෙත හඳුන්වා දීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට අලියාන්ස් ලංකා සමාගම බලාපොරොත්තු වෙයි.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

 

පිටපත – PR

Post Views: 15
Previous Post

සෞඛ්‍ය සේවාව වඩාත් සාධනීය තැනකට – ඇමැති කෙහෙලිය

Next Post

මාතලේ ඩෙංගු මර්ධනය අඛණ්ඩව

editor

editor

Next Post

මාතලේ ඩෙංගු මර්ධනය අඛණ්ඩව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved