27 April 2024
#දේශීය

මාතලේ ඩෙංගු මර්ධනය අඛණ්ඩව

මාතලේ මහ නගර සභා සිමාවේ ඩෙංගු මර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරන බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

මේ දිනවල ඩෙංගු රෝගය වැළදුණු රෝගින් හමුවන ප්‍රදේශ නාගරික සෞඛ්‍ය අංශය මගින් දුමායනය කටයුතු සිදු කරන බවත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරිම් අඛන්ඩව සිදු කරන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

මාතලේ මහ නගර සභාවේ සියලු දෙපාර්තමෙන්තු එක්ව සතියකට එක් දිනක් නාගරික සිමාවේ තෝරාගත් ප්‍රදේශයක් සම්පුර්ණයෙන් පවිත්‍රා කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කරන බවද නාගරික කොමසාරිස් මාදුවගේ මහතා පැවසිය.

මාතලේ නගර සිමාවේ පවතින පාසල්,රාජ්‍ය ආයතන,පෞද්ගලික වැඩබිම් . නිවෙස් ඇතුලු ස්ථානවල ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන විනාශ කරන ලෙසත් අදාළ ස්ථාන පවිත්‍ර කර ගන්නා ලෙස නාගරික ජනතාව‍ගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *