27 April 2024
#දේශීය

අපේ රටේ මුල්‍ය අර්බුදය විසදන්න මීත්‍රශිලි රටවල් එකඟයි – රාජ්‍ය ඇමැති ශෙහාන්

මෙරට පවතින ආර්ථික අර්බුධකාරි තත්ත්වය කඩිනම්න් විසඳන බවත් ඒ සඳහා ඉන්දියාව ඇතුලු මිත්‍රශීලී රටවල් මූල්‍යමය පහසුකම් ලබා දීමට එකග වී ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිනෙන් දින ඉහල යන ජීවන වියදම් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (21) අදහස් දක්වමිනි.

අපේ රට තුල නිෂ්පාදනය කළ හැකි දේ වැඩි පුර නිෂ්පාදනය කිරීම මිල ඉහල යාම පාලනය කිරීමට ගත හැකි තවත් එක් විකල්පයක් බව හෙතෙම පැවසිය.

වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ” පහුගිය කාලයේ අපේ රටට විදේශ විනිමය ගලා ඒමට වැඩා ගලා යාම වැඩියෙන් සිදු වුණා. කෙටි කාලීනව ඇති වෙලා තිබෙන ගැටලු වටල කඩිනමින් රජය විසදුම් ලබා දෙන්න කටයුතු කරනවා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ වැඩියෙන් නිෂ්පාදනය කිරීම මේ භාණ්ඩ මිල ඉහල යාම පාලනය කිරීමට ඇති තවත් එක් විකල්පයක් ලෙස රජය දකිනවා. අපි ආනයන විශාල වශයෙන් සිදු කරනවා. අපිට සියලු ආනයන නවත්වන්න බෑ. ඒ ජාත්‍යාංතර ගිවිසුම් වලට අපි එකග වෙලා තිබෙන නිසා. ඒ වගේම එහි කොටස් කාරයින් නිසා. අපේ රටේ අපනයනය සිදු වෙද්දි අපේ රටට ආනයනය කරන සියල්ල අපට තහනම් කරන්න බෑ. ඒවා එහෙම කළොත් අපේ අපනයන වලට පසු කාලීන්ව බලපාන්න පුලුවන්. මේ ආර්ථික අපහසු තාවයන් හොදට තේරුම් ගන්න රජයට පුලුවන්. අපි රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් මේ වන විට මේ ඇති වෙන පීඩනය අවම කරන්න ඉන්දියාව මෙන්ම මිත්‍රශීලී රටවල් සමග මුල්‍ය පහසුකම් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපට මූගය පහසුකම් ලබා දෙන ආසියානු බැංකුව, ලෝක බැංකුව, ජයිකා ආයතනය, ඇතුලු අනිකුත් රටවල් අපට සහයෝගය දෙන්න අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරලා තියෙනවා. ඒ එක්කම අපිට ශක්තිමන් ආර්ථිකයක් නොමැති නිසා අපි රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමත් සිදු කළ යුත්යි. ඒ සමගම ජනතාවට අවශ්‍ය සහය රජයක් වශයෙන් ලබා දෙන්නත් කඩිනම්න් සූදානම්.යැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *