• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල තානාපතිවරු කථානායක හමුවෙයි

30 September 2020
in දේශීය

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් (ASEAN) 05 ක තානාපතිවරු ඊයේ (29) පාර්ලිමේන්තුවේදී .කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

එහිදී තානාපතිවරුන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ COVID 19 අභියෝගයට මුහුණ දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසාව පළ කළේය.

විධිමත් වැඩපිළිවෙලක් යටතේ කොවිඩ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ලොව රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියේම සිටින බව තානාපතිවරු මෙහිදී සදහන් කළහ.

මෙම තානාපතිවරු තම රටවල කොවිඩ් -19 තත්ත්වය සහ පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය පිළිබදව කථානායකවරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල සහයෝගීතාවය අගය කළ කථානායකවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාව මෙම රටවල් සමග පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීමේ අරමුණින් මැලේසියාවේ සංචාරයක නිරත වන ලෙසද මෙහිදී මැලේසියානු තානාපතිවරයා කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන්හට ආරාධනා කළේය.

මේ අතර අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට නිරීක්ෂකයෙක් ලෙස සහභාගී වන ලෙසද මෙහිදී එම තානාපතිවරු ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළහ.එම ඉල්ලීම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්වූ අතර මේ පිළිබදව ලිඛිත ආරාධනාවක් ඉදිරියේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත එවන බවද තානාපතිවරු පැවසූහ.

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටෑන් යැං තායි, වියට්නාමයේ තානාපති ෆම් ති බික් නොක්, ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටි ගූරා අර්ඩියාසා, තායිලන්ත තානාපති චුලමනී චට්සුවන් සහ මියන්මාර තානාපති හන් තු යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වසන්ත යාපා අබේවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් …ජනපති නව තානාපතිවරුන්ට කියයි …

Next Post

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට

editor

editor

Next Post

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved