• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියෙහි කාර්යාල පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්

24 July 2023
in දේශීය

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් වීමෙන් පසු පැවැත් වූ  ශ්‍රමදානයක් අතරතුර, එහි ගොඩනැගිල්ලක් තුළ තිබී කිසිදා භාවිතයට නොගත් රජයේ ආධාර ලෙස ලැබුණු නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයක් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් ගබඩාවක දමා අගුළු දමා විනාශ වීමට ඉඩ හැර තිබියදී නව නිළධාරීන් විසින් සොයා ගනු ලැබීය.

එකසිය එක්වන ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව උතුරු මැද පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියෙහි කාර්යාල පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) දවස පුරා පැවැත්විණි. සහයෝගයෙන් ගොඩනගමු යන තේමාව යටතේ පැවති එම ශ්‍රමදානයට එම සමූපකාර සමිතියේ නිළධාරීන් හා සේවකයින් මෙන්ම, සමූපකාරයේ සාමාජිකයින්ද සහභාගී වූහ.

පසුගිය දිනක පැවති එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිළවරනයෙන් නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එස්.එම් දිල්ෂාන් ප්‍රසන්න කුමාර මහතා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සියලු සාමාජිකයින් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වෙමින් එප්පාවල විවිධ සේවා සමූපකාරයේ 100% ක බලය ජාතික ජන බලවේගය හිමිකර ගත්හ.

ඉන් අනතුරුව එම නව නිළධාරී මණ්ඩලය විසින් ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය ලෙස එම කාර්යාල‌ භූමිය ශුද්ධ පවිත්‍ර කර , ගොඩනැගිලි තීන්ත ආලේප කර එප්පාවල විවිධ සේවා සමූපකාරය නවීකරණය කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) පැවැත්වූහ.
එහිදී එම කාර්යාල භූමියේ තිබූ ගබඩා දෙකක් විවෘත කිරීම සිදු වූ අතර, එක් ගබඩාවක් තුළ වටිනා වානේ ලිපි ගොනු අල්මාරී 10 කට වැඩි සංඛ්‍යාවක්, මහණ මැෂින් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩ තබා ඇති අයුරු දැක ගත හැකි විය.

තවත් ගබඩාවක් විවෘත කර බැලීමේදී එහි පසුගිය කන්නයේ නිෂ්පාදනය කළ බිත්තර වී ප්‍රමාණයකුත්, රජයේ ආධාර ලෙස ලැබී භාවිතයට නොගෙන පැත්තකට දමා තිබූ නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයකුත් දැක ගත හැකි විය.

එම සමිතියේ වසර 15 කට වැඩි සේවා කාළයක් සහිත සේවක මහතෙකු කියා සිටියේ, මේක හයි කරලාම නෑ, අපිත් හිතනවා මේක වී සුද්ධ කරන යන්ත්‍රයක් කියලා.මේ පරිශ්‍රයේ වී මෝලක්, හාල් පිටි මෝලක් තිබුණා.දැන් කිසි දෙයක් නෑ.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති එස්.එම් දිල්ෂාන් ප්‍රසන්න කුමාර මහතා, මේවා රජයෙන් ආධාර හම්බෙච්ච ඒවා, මේවා සල්ලි දීලා ගත්ත ඒවා නෙමෙයි, මේ පිළිබඳව දැනුම්වත් තාක්ෂණ නිළධාරියෙක් ගෙනල්ලා මේවා භාවිතයට ගන්න ඔ්න, මේක බීජ වී සුද්ධ කරන යන්ත්‍රයක් කියලා කියන්නේ.පාවිච්චි කරලාම නෑ මේක.මේක මෙතන අවුරුදු 20-25 ක් තියලා තියෙනවා පාවිච්චියට අරගෙනත් නෑ, සමහර සේවකයෝ මේක මොකක්ද කියලාවත් දන්නේ නෑ.හයි කරලාම නෑ යැයි පැවසීය.

එම ගබඩාව තුළ බිත්තර වී තොගයක් දැක ගත හැකි වූ අතර,  ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ගිය කන්නයේ මේ ආයතනය මගින් නිෂ්පාදනය කර අලෙවි නොකළ බිත්තර වී තොගයක් තියෙනවා.මේවා මෙහෙම ඉතුරු වෙන්නේ නෑ, අපේ ප්‍රදේශයේ අවශ්‍යතාව ගත්තොත් මෙහෙම වී ඉතුරු වෙන්න විදිහක් නෑ, පුද්ගලික වෙලෙන්දෝ මේ වාගේ සිය දහස් ගුණයක වී මේ බිමේ විකුණනවා.හිටපු පාලකයොන්ට නිසි සැලැස්මක් නැති හින්දා, නිසි කළමණාකරණයක් නොතිබුණ හින්දා අලෙවියෙන් තොරව මේවා ඉතුරු වෙලා තියෙනවා.අපිට පැවරිලා තියෙනවා මේවා මිළ කරලා, ගොවියන් අතරේ අලෙවි කරලා, ඒවාත් මේ ආයතනයේ ආදායමට එකතු කරන්න.

මෙතන වී බුසල් 560 ක් පමණ .තිබෙනවා.ගොවියෝ 200 කට විතර දෙන්න බිත්තර වී තියෙනවා මෙතන, ගිය කන්නයේ මේ බිමේ ගොවියෝ 200 ක් නෙමෙයි, මේ බිමේ වැඩ කලේ, මේ සේවකයින්ට උනත් මේවා බිමට අරන් ගිහින් අලෙවිකරන්න වැඩපිළිවෙලක් පාලකයෝ හදන්න ඔ්න, හැබැයි වැඩපිළිවෙල හදලා තිබුණේ මේවා අලෙවිකරන්න නෙමෙයි.අපේ පොත් පත් වල බැලුවොත් ලක්ෂ ගණන් වලින් හොරකම් කරලා තියෙනවා මේ ව්‍යාපාරයේ මුදල්. වී කිරන්න රජයෙන් දුන්න සල්ලි, මේවායේ දේපළ අලෙවිකරන එක, විකුණන එක, ඒවා විකුණලා සල්ලි කරන එක තමයි කරලා තිබුණේ.මේ බිත්තර වී සල්ලි කරනවා වෙනුවට දේපළ සල්ලි කරන එක තමයි කරලා තිබුණේ යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති එස්.එම් දිල්ෂාන් ප්‍රසන්න කුමාර මහතා,
101 වැනි සමූපකාර දිනය වෙනුවෙන්, අපි ශ්‍රමදානයක් සිදු කරනවා, මෙම සමූපකාරයේ බලය හැමදාම කීප දෙනෙක් අතේ තිබිලා, ජනතාව අතට මාරු වුණේ පසුගිය මැයි මාසේ 30 වැනිදා, ඒකට විශේෂයෙන්ම මැදිහත් වුණා අපේ රටේ ප්‍රබලම සමාජ ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ මාලිමාව කණ්ඩායම. මෙවර එප්පාවල අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්පූර්ණ බලය ජාතික ජන බලවේගය හිමිකර ගෙන තිබෙනවා.අපි ගත්ත තීරණයක් අනුව මේ ශ්‍රමදානය සූදානම් කලේ, එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතිය මීට වසර 20 කට එහා ගත්තොත් ලංකාවේ සියලුම ප්‍රදේශ වලට බිත්තර වී සැපයූ ආයතනය, අද එය සහමුලින්ම බිඳ වැටී, කඩා වැටි තිබෙනවා.මෙහි සහල් සැකසුම් මධ්‍යස්ථානයක්, ගල් වැලි ඉවත් කරන ඒකකයක් තිබුණා.ඒ සියල්ල ගලවා ඉවත් කරලා, මේ වන විට ඉතිරිව තිබෙන්නේ බීජ වී සකස් කරන යන්ත්‍රයක් පමණයි.ඒ වගේම සහල් පිටි කරන යන්ත්‍ර තිබුණා මෙහි, ඒවා දැන් පොත් පත් වල තිබුණත් ඉතා අඩු ලන්සු වලට විකුණලා තියෙනවා පහුගිය පාලකයින්.පහුගිය කන්න‌යේ මේ හරහා ගොවියෝ 03 දෙනෙක් විතරයි බීජ වී නිෂ්පාදනය කරලා තියෙන්නේ, අපේ ඉලක්කය තියෙනවා ගොවියෝ 20 දෙනෙක් එකතු කර ගෙන මේ ව්‍යාපාරය පටන් ගන්න.අපේ ඉලක්කය තියෙනවා බීජ වී බුසල් 3500 ක් පළමු වැනි වටයේ මාස් කන්නයේ අස්වැන්න විදිහට අරගෙන මේ ප්‍රදේශයේ ගොවියන්ට අලෙවිකරන්න.මේ ගරාවැටුණු කමත්, මේ ගරා වැටුනු ගොඩනැගිලි ප්‍රථිසංස්කරණය කරලා නැවත සැබෑම සමූපකාරය ජනතාව අතරට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

දැන් අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා මේ සාමාජිකයෝ එක්ක එකතු වෙලා හොඳ තෘප්තිමත් සේවක කණ්ඩායමක් නිර්මාණය කර ගෙන සාමාජිකයින්ට සේවා සපයන සමූපකාරයක් නිර්මාණය කිරීම.සමූපකාරයේ නවමු අත්දැකීම ලබා දෙන්න අපිට පුලුවන්කම ලැබිලා තියෙනවා.මේ එහි ආරම්භය යැයි පැවසීය.

 

තිසර සමල් -අනුරාධපුර

Post Views: 54
Previous Post

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් – ජනපති

Next Post

සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ආරාධනාවක්

editor

editor

Next Post

සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ආරාධනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved