27 April 2024
#දේශීය

සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ආරාධනාවක්

පුද්ගලික ව්‍යාපාර වලට අභියෝගයක් වන්නට මිල නියාමනය කිරීමේ ජනතාවාදී අවිය වන ලෙස සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ආරාධනාවක් සිදු කළේය.

ඉන්ධන හෝ පිටි මිල ඉහළ යන වේගයෙන් ආහාර මිල පහතට නොඑන අතරම ගුණාත්මය වර්ධනයක් හෝ නොවන බවත් එවන් තත්වයක් තුල සමුපකාර සේවය ජනතාවාදී ව්‍යාපාරයක් ලෙසින් කටයුතු කරමින් පුද්ගලික ලාබ අරභයා කෙරෙන ව්‍යාපාරයන් සදහා අභියෝගයක් වන්නට අවශ්‍ය ශක්තිය හා දැක්ම සමුපකාරය සතුව පවතින බව මධ්‍යම පළාත් සමූපකාර සභාපතිවරුන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලය වෙත (19) රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේ, සමූපකාරයේ විශ්වාසය තහවුරු කිරීම සදහා විගණනයේ අවශ්‍යතාවය දැඩිව පවතින බවත්, ජනතාවට ඉතා සමීපයෙන් ම සිටින ජනතා ව්‍යාපාරයක් ලෙස සමූපකාරය හදුනාගනු ලබන බවත් ය .

Leave a comment

Your email address will not be published. Required fields are marked *