අඟුලාන ඇලපාත මුහුදු තීරයේදී ආපදාවට ලක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් පී 4447 (P 4447) වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි නාවික හමුදා සාමාජිකයන් 11 දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ ප්‍රදේශවාසී සිවිල් වැසියන් 14 දෙනෙකු ඇගයීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
ඉකුත් 15 වැනිදා පැවති රළු මුහුදු තත්ත්වය හමුවේ සිදුවූ මෙම අනතුරේදී, සිය ජීවිත අවදානම පවා නොතකා ක්ෂණිකව මැදිහත් වෙමින් නාවිකයන්ගේ ජීවිත බේරාගැනීමට මෙම පිරිස විශාල කැපවීමක් කර ඇත. ඔවුන්ගේ එම උදාර මානුෂීය ක්‍රියාකලාපය අගය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් අද (18) බටහිර නාවික විධාන මූලස්ථානයේදී අදාළ සිවිල් වැසියන් වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්න කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි අතර, සිවිල් වැසියන්ගේ මෙම වීරෝදාර ක්‍රියාව නාවික හමුදාවේ ඉමහත් පැසසුමට ලක් විය.













