• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති ප්‍රසන්නගෙන් රටට ඩොලර් ගෙනෙන තවත් සැලසුමක්

7 September 2022
in දේශීය

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැගිලි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මෙලෙස සංවර්ධනය කිරීම සදහා හදුනාගත් ඉඩම් හා ගොඩනැගිලි සංඛ්‍යාව 1008ක් බවත් රටේ පවතින ඩොලර් අර්බුදයට තවත් පිළියමක් ලෙස දෙස් විදෙස් ආයෝජකයන් සමග එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ වන විටත් මෙම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපෘති හදුනාගෙන ඇති අතර එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 12,000 ත් 15,000 ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කර ගැනීමට ද අපේක්ෂා කරන බව ඇමතිවරයා කියා සිටියේය.

මේ වන විටත් මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, කුරුණෑගල හා මහනුවර නගරවල මධ්‍යම පාන්තික නිවාස ඒකක 2700 ක් ඉදිකිරිමට සැලසුම් කර ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇති ඉඩම් අක්කර 908 ක සුළු හා මධ්‍යම ප්‍රමාණයේ බහලුම් මධ්‍යස්ථාන හා කාර්මික ජනපද ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ. ඊට අමතරව කොලඹ, මහනුවර, කුරුණෑගල නගරවල බහුමහල් මහජන රථගාල් 07 ක් ඉදිකිරිමට ද නියමිතයි. අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිතව ‍ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි සංරක්ෂණය කරමින් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය වන පරිදි සංචාරක හෝටල්, කෞතුකාගාර ප්‍රදර්ශන මධ්‍යස්ථාන ඉදිකිරිමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් හා ගොඩනැගිලි තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් කාරීත්වයෙන් මහා පරිමාණ කාර්යාල සංකීර්ණ, රෝහල්, තොරතුරු තාක්ෂණ කර්මාන්ත, උසස් අධ්‍යාපන ආයතන, සංචාරක හෝටල්, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා විනෝද උද්‍යාන ඉදිකිරීමට අපේක්ෂා කරන බවත් අදාළ ආයෝජකයන් සොයා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ බළධාරීන්ට උපදෙස් දුන් බවත් පවසන ඇමතිවරයා සෘජු විදේශ ආයෝජන වලට මෙහිදී ප්‍රමුඛතාවය ලැබෙන අතර එම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සදහා ඉතා කෙටි කාලයක් තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කිරිමටත්, උපදෙස් දී ඇතැයි ද පැවසිය.

රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනීම සදහා ඉඩකඩ සලසා ඇති අතර එලෙස ඩොලර් මගින් නිවාස මිල දී ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට ද පියවර ගැණින. මෙම අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැගිලි වල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද මෙරට ඩොලර් අර්බුදය විසදීමේ අරමුණින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන තවත් ප්‍රධාන ව්‍යාපෘතියක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

 

 

Post Views: 5
Previous Post

ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කරන බව විපක්ෂනායක කියයි

Next Post

පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවුණා – ඇමති රොෂාන්

editor

editor

Next Post

පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවුණා - ඇමති රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved