27 April 2024
#ක්‍රීඩා

පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවුණා – ඇමති රොෂාන්

රට තුල පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සදහා සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිළධාරීන් එකඟ වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ( FIFA) නිලධාරීන් සමඟ ඊයේ (06) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සැකසීමට සියලු පාර්ශව එකඟ වු බවත් නව ව්‍යාවස්ථාව තුලින් පැහැදිලි බලය බෙදීම සමඟ ශක්තිමත් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත වනු ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මෙම සාකච්ඡාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එම්.ඒ. පාලන ප්‍රධානී රොල්ෆ් ටැනර්, ආසියානු කලාපය බාර අධ්‍යක්ෂ සංජීව බාලසිංහම්, දකුණු ආසියාවේ ප්‍රාදේශීය කාර්යාල සංවර්ධන කළමනාකරු ප්‍රින්ස් රූෆස් යන මහත්වරු හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙක් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සහ අභියාචනා උපදේශක කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේසක සුදත් චන්ද්‍රසේකර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *