• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් කෙනෙක් බව අනුර කියයි

3 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් එකක් බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස කරනු ලබන ප්‍රකාශයේ කියවෙන ආර්ථික කඩාවැටීම්, වංචා දූෂණ ඉහවහා යාම පිළිබඳව කරුණු ඔහුටද අදාළ වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා අද (03) පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ රනිල් – රාජපක්ෂ කඳවුර පිහිටවූ ආණ්ඩුවකට සම්බන්ධවීමෙන් එය සර්වපාක්ෂික ආණ්ඩුවක් වන්නේ නැති බවයි.

එම මාධ්‍ය හමුවේදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” දශක ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේ විවිධ ජනාධිපතිවරුන්ගේ සැසිවාර විවෘත කිරීමේ කතා සහ අයවැය ඉදිරිපත්කිරීම් බොහොමයකට අප සවන් දී තිබෙනවා. මේ සෑම කතාවකම මූලික කරුණු කිහිපයක් හඳුනා ගත හැකියි. පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදයයි. දෙවැන්න ආර්ථික සංවර්ධනයයි. මීළඟ කරුණ තරුණයන්ගේ අනාගතය පිළිබඳ කරුණයි. අනෙක් කරුණ ජාතික සමගිය පිළිබඳ අදහසයි. රට ගොඩනැගීම, වංචා දූෂණ අවම කිරීම පිළිබඳව අදහස්ද ඔවුන් පළ කර තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාගේත් මේ අඩංගුව හැරුණු කොට වෙනත් කිසිවක් අලුතින් ඉදිරිපත් වී නැහැ. ආර්ථික සංවර්ධනය පිළිබඳ කතා කෙතරම් තිබුණත් රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුණා. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම්, නව ව්‍යවස්ථා සංශෝධන කිරීම් පිළිබඳව කෙතරම් කතා මෙහි ඉදිරිපත් වී තිබුණත් සැබැවින්ම සිදුවී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ කටයුතු සිදුවීමයි. වංචා දූෂණ මැඩලීම පිළිබඳ කෙතරම් කතා ඉදිරිපත් වුණත් සැබැවින්ම සිදුවී තිබෙන්නේ වංචා දූෂණ ඉහළ යාමයි. පාර්ලිමේන්තුවේ තරුණ තරුණියන් නියෝජනය විය යුතු බව කිවුවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් 70, 80 ඉක්මවූ පිරිසයි. ඒ නිසා අලුත් කිසිවක් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය තුළ අප දකින්නේ නැහැ.

සැබැවින්ම මෙය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරන ලද කතාවක් බඳුයි. ඔහු මෙම පාර්ලිමේනතුව අවුරුදු 45ක් නියෝජනය කරනවා. එයින් අවුරුදු 43ක් ඔහු අවස්ථා 06කදී අග්‍රාමාත්‍ය ධුර දරා තිබෙනවා. කැබිනට් අමාත්‍ය ධුර දරා තිබෙනවා. විපක්ෂ නායක ලෙස කටයුතු කර තිබෙනවා. එසේනම් ඔහු රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් එකක්. ජනාධිපතිවරයා ලෙස ඔහු කරනු ලබන ප්‍රකාශයේ කියවෙන ආර්ථික කඩාවැටීම්, වංචා දූෂණ ඉහවහා යාම පිළිබඳව කරුණු ඔහුටද අදාළ වනවා.

මෙම ප්‍රකාශයේදී ඔහු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව, එකතු වී රට ගොඩනගමු වැනි කරුණු ගැන වැඩිපුර කරුණු දක්වනවා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වූ වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවටත් අනතුරුව කෙටි කාලයකින් මැතිවරණයකට යා යුතු බවටත් අපි කරුණු ඉදිරිපත් කළා. එහිදී කතානායකවරයා ජනාධිපතිවරයා බවට පත් වෙන්නත් සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ වන පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයා තෝරා ගන්නටත් අමාත්‍ය මණ්ඩලය 10කට සීමා කරන්නටත් වංචා දූෂණ පිළිබඳ නඩු නැවත පැවරීමටත්, ඒ පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටත් අපි යෝජනා කර තිබුණා. නමුත් රනිල් සහ රාජපක්ෂ කඳවුර එකතු වී ආණ්ඩුවක් පිහිටුවා එයට එකතු වන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමක් වන්නේ නැහැ. එය රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට සෙසු අය සහය දැක්වීමක් පමණයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක මූලික පදනම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන පක්ෂ සියල්ලම කැබිනට් මණ්ඩලයට එකතු වූ සහ කෙටි කාලයකට සීමා වූවක් විය යුතුයි. එය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහු ඉදිරිපත් කරන සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලය ප්‍රකාශ කරන්නේ නැහැ. පසුගිය කාලයේ මහානායක හිමිවරුන්, නීතීඥ සංගම් හා විවිධ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන්හි ඇතුළත් වූයේ කෙටි අන්තර් කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවනුයි. නමුත් ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවේ කාර්යභාරයත්, ඒ කොපමණ කාලයක් සඳහාද යන්නත් කිසිදු විටක ප්‍රකාශ කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට තවත් වසර 03ක කාලයක් තිබෙනවා. ඔහු තම ධුරයේ සිටිමින් එම කාලය පුරාවට මේ පාර්ලිමේන්තුව ඇදගෙන යාමට සූදානම් වන බව පෙනී යනවා. එම නිසා එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට අප දායකත්වය සපයන්නේ නැහැ. ඔහු යෝජනා කරන්නේ ඔහුගේ සහ රාපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනෙක් අය සහය දැක්වීමක්. එවැන්නකට අප සම්මාදම් වන්නේ නැහැ. එහෙත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානම් නම් එම වැඩපිළිවෙළේ සාධනීය ලක්ෂණ මත පදනම්ව ඊට අපේ අදහස් ඉදිරිපත් කරමින් ඉදිරියට යා හැකියි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් යනුවෙන් අරගලය කොටස් දෙකකට බෙදන්න දිගින් දිගටම උත්සාහ කරමින් තිබෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ගමන් අරගලයේ නිරත වූවන් මර්දනය කිරීමට සහ ඔවුන් බියවද්දන්න උත්සාහ කරනවා. ඔහුගේ වියරුව මෙම කතාවේ ඇතුලාන්තයේ ගැබීවී තිබෙනවා. සාමකාමී අරගල ආරක්ෂා කරන නමුත් ත්‍රස්ත ක්‍රියා කරන්නවුන් අත්අඩංගුවට ගන්නා බව ඔහු කියනවා. මෙයින් එක් ‘ත්‍රස්තවාදියෙක්’ වන්නේ ජනාධිපති මන්දිරයේ ජනාධිපතිවරයාගේ පුටුවේ වාඩි වූවායැයි කියනු ලබන පුද්ගලයෙක්. තවත් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් නිවැරදි ලෙස ගණනය කර පොලීසියට භාර දීමේ වරදටයි. ඔහුම ප්‍රතික්ෂේප කරන ජනාධිපති කොඩිය එලාගෙන නිදා සිටි තරුණයෙක් ඔහු විසින් අත්අඩංගුවට ගන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයට පළමුව ඇතුළත් වූ කෙනා ලෙස තවත් තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. රනිල් වික්‍රමසිංහට අනුව ඔවුන් අරගලයේ ත්‍රස්තවාදීන්.
ඔහු උත්සාහ කරමින් තිබෙන්නේ, සැබැවින්ම අරගලයට නායකත්වය දෙන කණ්ඩායම් හඹාගෙන ගොස් දඩයම් කිරීම සඳහා ඔවුනට ත්‍රස්තවාදී ලේබය ඇලවීමයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය නම් අයිසින් තවරූ විෂ සහිත කේක් ගෙඩියක් ජනතාව දීමට හදනවා. ඇතැමුන්ට අධිකරණ නියෝග ලබා දී තිබුණා උද්ඝෝෂණ භූමියට නොයන ලෙසට. ඒ මොහොතේ එවැනි තැනකට නොයන්නේ කවුරුන්ද?. පොලීසියෙන් සොයමින් සිටි අය පවා එහි ගියා. එය පොදු ජන නැගිටීමක්. ඒ ආස්වාදයට සියලු දෙනා එතැනට ගියා. දැන් අධිකරණ නියෝගයක් කඩකළැයි දැන් ඇතැමුන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ඔහු අරගලය කොටස්වලට බෙදන්නේ මර්දන වුවමනාව වෙනුවෙනුයි.
වංචා දූෂණ අවම කිරීම වෙනුවෙන් නීති සම්පාදනය කරන බව ඔහු කියනවා. ඔහුගේ ආණ්ඩුව නියෝජනය කරන්නේ වංචනිකයන් හා දූෂිතයනුයි. ඔහු තමන් කියන දේ තමන්ගේ ක්‍රියාකාරිත්වයෙන් පෙන්වා දිය යුතුයි. අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා, ඔහුගේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ ප්‍රසන්න රණතුංගයි. ඔහු අධිකරණයෙන් කප්පම් ගැනීම පිළිබඳව වරදකරුවෙකු වූවෙක්. අධිකරණයෙන් ඔහුට කෝටි දෙකහමාරක දඩයක් නියම කළා. ඒ වගේම අදාළ පුද්ගලයාට ලක්ෂ 20 වන්දියක් ගෙවන්න තීරණය කළා. ඒ වගේම ඔහුගේ සිරදඬුවම වසර හතරකට අත්හිටවූවා. ඔහු අභියාචනා ඉදිරිපත් කළාට මහාධිකරණයෙන් ඔහුට මෙම තීන්දුව හිමිවුණා. ඒ, පුරවැසියෙකුගෙන් කප්පම් ලබාගැනීම සඳහා දැරූ ප්‍රයත්නය ඔප්පු වීම නිසා. ඔහු වරදකරුවෙකු වී තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමයේ දමන ලද නඩුවකිනුයි. අද ඔහු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්. මේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා. මෙවන් පුද්ගලයන් පත්කරගෙන අද අපට රනිල් වික්‍රමසිංහ කියනවා වංචා, දූෂණ අවම කර වැඩ කරන්න කියා.

ඒ වගේම නිමල් සිරිපාල ගුවන් සේවා අමාත්‍යවරයායි. ජපන් තායිසේ සමගම විසින් කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරිම් ව්‍යාපෘතියක් කරනවා. එම ජපන් තායිසේ සමාගමෙන් ගුවන් සේවා අමාත්‍යවරයා කප්පම් ඉල්ලුවා කියා ඔහුට චෝදනාවක් ඉදිරිපත් වුණා. එය මාධ්‍යයක හෝ වෙබ් අඩවියක එවැනි කතාවක් පළ වුණේ නැහැ. නමුත් එම නිශ්චිත තොරතුරු ලැබුණේ ගෝඨාභය රාජපක්ෂටයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ නිමල් සිරිපාලට ඉවත් වෙන්න කියා නියෝග කරනු ලැබුවා. ඒ දැනුම්දීම මත ඔහු ඉල්ලා අස්වුණා. රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධව සොයන්න කමිටුවක් පත්කරනවා. නිශ්චිත වශයෙන් ජනාධිපතිවරයාට එම තොරතුරු ලැබුණා. රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්, රටවල් දෙකක් අතර ගැටුමක් මතුවිය හැකි බව ඔහු දැක්කා. දූෂණ, වංචාව අවම කරන්න ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ බොරු කමිටුවක් දැම්මා. (රටක්, රටක රාජ්‍ය නිලධාරීන් ඇවිත් කමිටුවලට පිළිතුරු බඳින්නේ නැහැ.) ඉතා වේගයෙන් ඒ කමිටුව ක්‍රියාත්මක වුණා. සීනි බදු වංචාවට, පැන්ඩෝරා පිළිබඳ කමිටුවක්, පාස්කු ප්‍රහාරයන් පිළිබඳ කමිටු දැම්මා. ඒ කමිටුවල අද වනතුරු වාර්තා කිසිවක් නැහැ. නමුත් නිමල් සිරිපාල සම්බන්ධ ගනුදෙනුවට දැමූ කමිටුවෙන් සතියක් තුළ වාර්තාවක් ආවා. වාර්තාව ආවා පමණක් නොවෙයි පසුවදා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සිදුකළා.

රනිල් වික්‍රමසිංහ අවංකවම වංචා, දූෂණ අවම කරන්න උත්සාහ ගන්නේ නම් පළමුවෙන්ම කළ යුත්තේ ඔහුගේ මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්නා අධිකරණයට ඉදිරිපත් කිරීමයි. අවංචා දූෂණ ගැන ආණ්ඩුවට පිළිබඳ රටේ ජනතාවගේ විරෝධයක් තිබෙනවා. තමන් වංචා දූෂණ නැති කරන්න කටයුතු කරනවා වැනි ප්‍රකාශ කිරීමෙන් පලක් නැහැ. තමන් ප්‍රායෝගිකව එය ඔප්පු කළ යුතුව තිබෙනවා. වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරනවා නම්, රනිල් වික්‍රමසිංහ අධිකරණයෙන් ඔප්පු වුණු කැබිනට් දූෂිතයන් වහාම ඉවත් කළ යුතුයි. ප්‍රායෝගිකව තමනුත් සම්බන්ධ යැයි කියා විශාල ලෙස සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබෙන මහ බැංකු වංචාවට සම්බන්ධ, අධිකරණයෙන් කට්ටි පනිමින් සිටින තමන්ගේ හිතමිතුරා අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට පමුණුවා මහබැංකු වංචාව සම්බන්ධ නඩු කටයුත්ත ඉදිරියට ගෙන යාම කළ යුතුයි. තමන් වංචාවට දූෂණයට එරෙහි බව ප්‍රකාශ කරනවා. එහෙත් ඔහුගේ කැබිනට් මණ්ඩලය තුළ ඔහුත් සම්බන්ධ යැයි කියන වංචා, දූෂණවලට සම්බන්ධ අය තබාගෙන සිටිනවා.
රනිල් වික්‍රමසිංහ තවත් ඉදිරිපත් කරන චෝදනාවක් තමයි අරගලකරුවන් සංවර්ධනයට බාධා පමුණන බව. ඔහු ඒ සඳහා උදාහරණයට ගනු ලැබුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය. මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණන්න හැදුවා. එය විකුණුවා නම් මීට වඩා ආර්ථිකය සංවර්ධනය කළ හැකිව තිබුණා. විකුණන්න වෘත්තිය සමිති ඉඩ දුන්නේ නැහැ. මේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුව තමයි මේ වෘත්තිය සමිතිවල සටන් පාඨ, යනුවෙන් ප්‍රකාශ කළා. ඛනිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි විසින් ත්‍රිකුණාමලයේ තෙල් සංකීර්ණයේ තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාව මැදිහත් වෙලා සංවර්ධනය කර, තෙල් ගබඩා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සම්මත වුණා. සම්මත වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ නැවත කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ ලංකාවේ පළමුවෙනි වතාවට දමන ලද කැබිනට් පත්‍රිකාවක්. එය තමයි කැබිනට් අනුමැතිය ලැබුණු චන්දිම වීරක්කොඩිගේ කැබිනට් පත්‍රිකාව අවලංගු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව. එහෙමයි රනිල් වික්‍රමසිංහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට බාධාවක් වුණේ. අවසානයේ චන්දිම වීරක්කොඩිට තෙල් සංස්ථාවෙන් ඇමතිකමත් නැතිව ගියා. මේ සංවර්ධනයට බාධා කළේ රනිල් වික්‍රමසිංහයි.

අනිත් කරුණ තමයි ජාත්‍යන්තරයෙන් වෙළඳපොළෙන් ණය ගන්නා විට විරුද්ධ වුණේ නැහැයි පැවසීම. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් 2020 වෙන විට ඩොලර් බිලියන 15 1/2ක් අරගෙන තිබුණා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණා ණය ගැනීම පටන් ගත්තේ 2007දීයි. අජිත් නිවාඩ් කබ්රාල් අධිපතිව සිටියදී 2007 සිට 2015 දක්වා වසර 08ටම මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගත් බැඳුම්කර ණය ඩොලර් බිලියන 3 1/2යි. රනිල් වික්‍රමසිංහ 2015-2019 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 12ක ණය ගත්තා. ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගන්නා විට විරුද්ධ නොවී ව්‍යාපෘති සඳහා ණය ගන්න විට විරුද්ධ වෙනවා යන චෝදනාව ඔහු ඉදිරිපත් කරනවා. මේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ප්‍රකාශය ඔහුගේම ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රකාශයක්.

ඔවුන් මේ රට වෙනස් කිරීම සඳහා උත්සාහ ගන්නා බවක් අපට පෙනෙන්නේ නැහැ. ඔහු පත්කරගන්නා ජනාධිපති උපදේශකවරු කවුද? උපදේශක තනතුරු සඳහා පත්කර ගත යුත්තේ, ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක්, පළපුරුද්දක් ඇති අය. නමුත් පත්කරගෙන ඇත්තේ ඡන්දයෙන් පරාද වුණු තමන්ගේ මන්ත්‍රීවරුනුයි. නමුත් ඔහු අපට පවසන්නේ අලුත් තරුණයන්ගේ සිතිවිලිවලට හා තරුණයන්ට අවස්ථාව දීමට අවශ්‍ය බවයි. මේ රනිල් වික්‍රමසිංහලා කාලාන්තරයක් තිස්සේ මේ රට විනාශයට පත්කිරීම සඳහා ගොතන ලද වචන මාලාවේම තවත් දිගුවක් පමණයි. හැබැයි ඔහු මේ අර්බුදය විසඳීම සඳහා සූදානම් නම් කෙටි කාලයකට අන්තර් කාලයක් සඳහා යම් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා නම් (මේ දක්වා කරුණු දක්වා නැහැ.) ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්න පුළුවන්. එසේ නොමැතිව අපගේ ඇස් ඉදිරිපිට පෙන්නුම් කර තිබෙන මේ විකාරරූපී නාඩගම දියත් කරන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නේ නම්, මේ රට තිබුණු තැනිනුත් ප්‍රපාතයට යන එක වළක්වන්න බැහැ. එවැනි තත්වයක් වළක්වා ගැනීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට එකතු වෙන්නැනැයි අපි ආරාධනා කරනවා.

Post Views: 2
Previous Post

ජනපතිගේ කතාව හොදයි – ක්‍රියාවයි වැදගත් – විපක්ෂනායක සජිත්

Next Post

වෘත්තිය පුහුණු කාර්මික ශිල්පීන් රට රැකියා සඳහා යොමු නොකරන්නේ ඇයි?

editor

editor

Next Post

වෘත්තිය පුහුණු කාර්මික ශිල්පීන් රට රැකියා සඳහා යොමු නොකරන්නේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved