• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අප්‍රියෙල් 18 දා අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කෙරේ

27 March 2024
in දේශීය, පුවත්
අප්‍රියෙල් 18 දා අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කෙරේ

අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා සඳහා ජාතික දිනයක් නම් කිරීමට පියවර ගෙන ඇති බව දේශීය ⁣වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එළඹෙන සිංහල දෙමල අලුත් අවුරුදු පැල සිටුවීමේ දිනය හා නැකත මෙරට මුරුංගා ජාතික දිනය ලෙස නම් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව,ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට මුරුංගා පැළයක් නිවෙස්වල සිටුවීමට ජනතාව දිරිගන්වමින් මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩ සටහනක් එදින එම නැකතට ක්‍රියාත්මක කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

මේ පිළිබඳ පසුගියදා දේශීය රාජ්‍ය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී Moringa for life ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී වසන්ත කුලතුංග මහතා මුරුංගා ශාක පත්‍රවල පවත්නා පෝෂණ ගුණය පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියාවේ පර්යේෂණ කළ ජපානයේ අම්මා” හෙවත් මොරිකෝ ගිල්ෆොඩ්” (Moriko Gilffod) මහත්මිය සහ දැනට තිරිකුණාමලයේ මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන

දමයන්ති ජෝන් ලී (DamayanthiJoan Lee) මහත්මිය විසින් මුරුංගා ශාකයේ පත්‍රවල අඩංගු පෝෂණ හා ඖෂධිය ගුණය පිළිබඳ කළ පර්යේෂණයට අදාළ රචිත ග්‍රන්ථයක් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට වසන්ත කුලතුංග මහතා විසින් පිරිනමනු ලැබීය.

මෙම සාකච්ඡාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න මහතා,අධ්‍යක්ෂ (සංවර්ධන) පී. තයානන්දන් මහතා,අධ්‍යක්ෂ සැලසුම් විරාජ් ප්‍රියන්ජිත් මහතා,සම්බන්ධීකරණ ලේකම් සංජය සුජීව මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

Post Views: 9,677
Previous Post

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත් – ඇමැති සුසිල්

Next Post

අරගලකරුවන් කරපු හානිවලට වන්දි ගෙවීම් ඉක්මන් කරන්න – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

අරගලකරුවන් කරපු හානිවලට වන්දි ගෙවීම් ඉක්මන් කරන්න - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved