ප්‍රබල හිම පතනය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් දින 34ක වාර්තාගත කාලයක් වසා දමා තිබූ ආර්ජන්ටිනාව සහ චිලී අතර ඇන්ඩීස් කඳුකරය හරහා වැටී ඇති ‘ක්‍රිස්ටෝ රෙඩෙන්ටර්’ (Cristo Redentor) අන්තර්ජාතික දේශසීමා උමං මාර්ගය යළි විවෘත කර තිබේ.
‘එල් නිනෝ’ (El Niño) කාලගුණ විපර්යාස තත්ත්වය හේතුවෙන් ඇති වූ දැඩි හිම පතනය නිසා මෙම මාර්ගය දිගු කලක් වැසී යාමෙන් ආර්ජන්ටිනා පාර්ශ්වයේ ලොරි රථ සිය ගණනක් සිරවී සිටියේය. මාර්ගය විවෘත වීමත් සමඟ ආර්ජන්ටිනා රජයේ අනුමැතිය යටතේ එම රථ යළි ගමන් ආරම්භ කර ඇත. 2027 මුල් මාස දක්වා තීව්‍ර විය හැකි ‘එල් නිනෝ’ සංසිද්ධිය හේතුවෙන් ඇන්ඩීස් කඳුකරයේ ඉදිරියටත් හිම පතනය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














