ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් සියලු අමාත්‍යාංශ මේ වන විට සිය වැඩකටයුතු සිදු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.
අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වත්මන් රජයේ අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශ තුළ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට පියවර ගෙන ඇති බවයි. එසේම, විනිසුරුවරුන්ගේ සේවා කාලයට අදාළ තීරණ ගැනීමේදී පවා රජය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














