කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (30) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 13ක් වැනි කෙටි කාලයක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් ඉතා පහසුවෙන් තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ ඈෂ්ලි ගාඩ්නර් (Ashleigh Gardner) නොදැවී ලකුණු 35ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තාය. ඇයගේ මෙම සුපිරි දස්කමත් සමඟ ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.
















