• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Avian Technologies සමාගමට Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගනී

7 August 2018
in ව්‍යාපාර

මෙරට ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදක සමාගමක් වන Avian Technologies සමාගම Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. ආදායම් ජනනය සහ සහතිකකරණයන් හිමිකරගැනීම අතින් කැපීපෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කරන සමාගම් වෙත මෙම තත්ත්වය පිරිනැමේ.

මෙය Avian Technologies සමාගමේ දැනට සිටින පාරිභෝගිකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරන අතර නව වෙළඳපොළවල් වෙත පිවිසීම සඳහා සමාගමට අවස්ථාව ලබාදෙනු ඇත. එමෙන්ම මෑතකදී ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති Dell Power Awards සම්මාන උළෙලේදීි ‘Best Dell EMC Enterprise Reseller – Sri Lanka’ සහ .’Best Dell EMC Commercial Reseller – Sri Lanka’ සම්මාන දිනාගැනීමටද Avian Technologies සමාගමට හැකියාව ලැබිණි. මීට පෙර 2013/14 මූල්‍ය වර්ෂ සඳහා පැවති එම සම්මාන උළෙලේදී .’Best Commercial Tier2 Business’. සම්මානයද, 2016 ‘Dell SADMG Partner Summit’ හිදී ‘Best Commercial Reseller Sri Lanka’සම්මානයද දිනාගැනීමට එම සමාගම සමත් විය.

2006 වසරේදී ආරම්භ වූ Avian සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන Avian Technologies සමාගම කාර්යක්ෂම, පරිපූර්ණ තොරතුරු තාක්ෂණ සේවාවන් සපයයි. එමෙන්ම ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ සන්නාමයන් සමග සමගාමී වන නිෂ්පාදන රාශියක්ද එම සමාගම විසින් හඳුන්වා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Avian Technologies සමාගමේ අධ්‍යක්ෂ බුද්ධික ලියනගේ මහතා මෙසේ පැවසී ය. ‘‘Gold Partner බැර තත්ත්වය මගින් ප‍්‍රතිලාභ රාශියක් හිමිවනවා. පාරිභෝගික විශ්වාසය ඉහළ යාම, Dell වෙතින් වැඩි සහයෝගයක් හිමිවීම සහ වියදම් අතින් ලැබෙන ප‍්‍රතිලාභ ඒ අතරින් ප‍්‍රධානයි. නවමු ආකාරයකට ව්‍යාපාර කටයතු සිදුකරන අතර විශිෂ්ටතම සේවා මට්ටමක් පවත්වාගැනීම නිසා අපට මෙම තත්ත්වය හිමිවූ බව කියන්නට පුළුවන්.”

2011 වසරේදී විශිෂ්ට, එහෙත් කුඩා කණ්ඩායමක් සමග ආරම්භ කරන ලද Avian Technologies හි Dell අංශය මේ වනවිට ක‍්‍රමානුකූලව විශාල ප‍්‍රගතියක් අත්පත් කරගෙන සිටී. විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත‍්‍රය වෙත සේවාවන් සලසන එම අංශය එහි විශිෂ්ට සේවා මට්ටම වෙනුවෙන් විශාල ප‍්‍රසාදයක් දිනා ඇත. ශක්තිමත් ව්‍යාපාරික පසුබිම සහ වෙළඳපොළ අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීමේ හැකියාව එම සමාගමට Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගැනීමට උපකාරී වී තිබේ. එමෙන්ම සමාගමේ කළමනාකාකාරීත්ව, තාක්ෂණික හා නිර්මාණාත්මක හැකියාවන් මනාව සමගාමී වී ඇති නිසා එම සියලූ කුසලතාවන් එක්තැන් කරමින් පාරිභෝගිකයන්ට අවශ්‍ය ආකාරයට, අතිවිශිෂ්ට මට්ටමේ විසඳුම් ලබාදීමට සමාගමට හැකියාව ලැබී ඇත.

Avian Technologies සමාගමේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර එහි නියෝජිතයෝ රට පුරා විසිරී සිටිති. මෙම සමස්ත ව්‍යාපාරික මෙහෙයුම් ජාලයේ දායකත්වය සමගින් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම නාමයක් බවට පත්වීමට එම සමාගම සමත් වී තිබේ.

 

 

Post Views: 6
Previous Post

රනිල් එක්ක ආයේ නෑ -ජනාධිපතිවරණයට සුදානම් වෙනවා…… !

Next Post

කඩේ ගියාට විශ්‍රාම වැටුපවත් නෑ ….! – ඇමැති වජිර කියයි

editor

editor

Next Post

කඩේ ගියාට විශ්‍රාම වැටුපවත් නෑ ....! - ඇමැති වජිර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved