ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (28) කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදු විය. මෙම පිරිස කොළඹ, ගම්පහ වික්‍රමාරච්චි, යාපනය සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවලින් වසර පහක උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කළ 2017/2018 අධ්‍යයන වර්ෂවලට අදාළ සිසුන් වේ. මොවුන් වසරක කාලයක් ශික්ෂණ රෝහල්, ආයුර්වේද පර්යේෂණායතනය සහ පළාත් ආයුර්වේද රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලැබීමට නියමිතය. මෙලෙස පත්වීම් ලැබූ පිරිස අතර ආයුර්වේද අංශයේ උපාධිධාරීන් 249ක්, සිද්ධ අංශයේ 109ක් සහ යුනානි අංශයේ 44ක් ඇතුළත් වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.














