දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් බදුල්ල කොට්ඨාසයේ අර්ධ හා පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 835ක වන්දි මුදල් ලබා දීම වැවිලි හා ප්‍රජා පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම වැඩසටහන යටතේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම් ලත් පවුල් 244ක් ඇතුළුව පූර්ණ, අධි අවදානම් සහ අර්ධ හානි ලැබූ ප්‍රතිලාභීන් 248 දෙනකු සඳහා මෙහිදී චෙක්පත් ප්රදානය කරන ලදී. සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් හිමිවන අතර, නව නිවෙසක් මිලදී ගැනීම සඳහා පවුල් දෙකක් වෙත රුපියල් කෝටියක මුදලක් ලබා දී තිබේ. මීට අමතරව, අර්ධ වශයෙන් හානි වූ සහ තක්සේරු මත පදනම් වූ නිවාස අලුත්වැඩියා සඳහා වන ආධාර මුදල් ද මෙහිදී ප්‍රතිලාභීන් වෙත පිරිනමන ලදී. ආපදාවට ලක් වූ ජනතාවගේ ජීවිත සහ යටිතල පහසුකම් වඩා යහපත් මට්ටමකට නැවත ගොඩනැඟීම රජයේ ප්‍රධාන අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.














