කාසල්රි ජලාශයට අත්‍යවශ්‍ය ජල ධාරිතාව එකතු කරන කෙසෙල්ගමු ඔයේ ප්‍රධාන අතු ශාඛාවක් වන බගවන්තලාව බි්‍රඩ්වෙල් ඔය වෙත කුකුළු මස් අපද්‍රව්‍ය සහ නගරයේ කැළි කසළ අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් බරපතල පරිසර හානියක් මතුව තිබේ. නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් දිනපතා නගරයේ කසළ එක්රැස් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවද, ඇතැම් ව්‍යාපාරිකයන් හා ප්‍රදේශවාසීන් නගර මධ්‍යයෙන් ගලා බසින මෙම ජල මූලාශ්‍රයට අපද්‍රව්‍ය මුදා හැරීම හරහා ප්‍රදේශයේ ජල පද්ධතියට සහ සමස්ත පරිසර පද්ධතියටම එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයකි.
ජල මූලාශ්‍ර දූෂණය වීම හේතුවෙන් පානීය ජල ගැටලු මෙන්ම මහජන සෞඛ්‍යයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවකින් පසුවන අතර, වගකිවයුතු ආයතනවල නිසි නියාමනයක් නොමැතිකම නිසා මෙවැනි නීතිවිරෝධී ක්‍රියා අඛණ්ඩව සිදුවන බවට ජනතාව චෝදනා කරති. ආරම්භ වී ඇති පළාත් පාලන සතියට සමගාමීව හෝ මෙම ජල මාර්ගය සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කර දෙන ලෙසට ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ හදිසි මැදිහත් වීමක අවශ්‍යතාව අවධාරණය කරමිනි.
මෙම තත්ත්වය හමුවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ඇතුළු අදාළ අංශ වෙත බි්‍රඩ්වෙල් ඔය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියා කිරීමටත්, අනවසරයෙන් අපද්‍රව්‍ය බැහැර කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සිදුවනු ඇත. එසේ නොවීම හේතුවෙන් ඉදිරියේදී ජලාශ පද්ධතියට සිදුවන පාරිසරික පාලනය කරගැනීමට නොහැකි වුවහොත්, එය ප්‍රදේශයේ පානීය ජල සැපයුමට පමණක් නොව සමස්ත පරිසර සමතුලිතතාවටද දැඩි බලපෑමක් එල්ල කරනු නිසැකය.














