ඌව පළාතේ දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තර මට්ටම දක්වා වර්ධනය කිරීමේ අරමුණින් බණ්ඩාරවෙල කිණිගම ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 150ක පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ප්‍රදේශයේ පාසල් දරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පුහුණු පහසුකම් සැලසීමත්, එමගින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ පිහිනුම් ශූරයින් බිහිකිරීමත් මෙහි අරමුණයි.
මෙම පිහිනුම් තටාක සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය එළඹෙන ජූලි 07 වැනි දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කිණිගම ක්‍රීඩා සංකීර්ණ භූමියේදී පැවැත්වීමට නියමිතය.
















