බංග්ලාදේශයට ලැබෙන සහනදායී විදේශීය මූල්‍ය ආධාර ගලා ඒම අඩුවීම සහ පැරණි ණය ආපසු ගෙවීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් එරට විදේශීය මූල්‍ය කළමනාකරණය දැඩි අභියෝගයකට ලක්ව ඇති බව වාර්තා වේ. ආර්ථික සබඳතා දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්තවලට අනුව, 2025-26 මුදල් වර්ෂය තුළ බංග්ලාදේශයට ලැබීමට නියමිතව තිබූ සමස්ත විදේශ ආධාර සම්පූර්ණ කිරීම් ප්‍රමාණය 37%කින් පහත වැටී ඇත.
ඒ අනුව, මීට පෙර අමෙරිකානු ඩොලර් බිලියන 8.32ක් වූ අගය ඩොලර් බිලියන 5.24 දක්වා අඩුවී ඇති අතර, ව්‍යාපෘති සඳහා ලබාදෙන ණය ප්‍රතිපාදන ඩොලර් බිලියන 7.94 සිට ඩොලර් බිලියන 5.01 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. මීට අමතරව, නොමිලේ ලැබෙන අනුග්‍රාහක ආධාර ප්‍රමාණයද ඩොලර් මිලියන 381.65 සිට ඩොලර් මිලියන 233.78 දක්වා අඩුවී ඇත.
මෙකී කාල සීමාව තුළ විදේශ ආධාර ලැබීම සීමා වෙද්දී බංග්ලාදේශයේ විදේශ ණය සහ පොලී වාරික ගෙවීමේ බර නියමිත කාලය තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය මුදල් වර්ෂයේදී ඩොලර් බිලියන 4.09ක් වූ විදේශ ණය වාරික සහ පොලී ගෙවීම් ප්‍රමාණය, 2025-26 මුදල් වර්ෂයේදී 11%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 4.49 දක්වා ඉහළ ගොස් ඇත.












