27 April 2024
#දේශීය

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! – මහින්ද කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ලබන 05 වනදා සංවිධානය කරනු ලබන රැළියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදේශ රටවල සිට බොහෝ වැඩ කරමින් සිටින බවයි.

මාධ්‍ය වේදීන් අසා සිටියේ ලබන 05 වනදා පැවැත්වෙන රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන්නේ ද නැද්ද කියාය, එයට පිලිතුරු ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවත් සහභාගි වන්නේ ද නැද්ද යන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අසා දැන ගත යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *