• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න

25 November 2020
in සංවර්ධන

ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්තකරුවාද ශක්තිමත් කල යුතු බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා වෙත පසුගිය 23 වන දින බියගම මැටි ගම්මානයේදී ලබාදීම සිදුවිය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා ” ප්‍රථමයෙන්ම MAS ආයතනයට ස්තූතිවන්ත වනවා අපගේ අමාත්‍යාංශයත් සමග එක්ව මිලියන 45 ක මුදලක් දේශිය කර්මාන්ත කරුවා ශත්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීම පිළිබදව. නිලවශයෙන් ප්‍රථම ඇණවුම ලෙස ගුරුලේන්තු 3500 ක ප්‍රමාණයක් අද අපට ලබාදීමට හැකිවනවා. මුළු ඇණවුම ගුරුලේන්තු 36000 වන අතර, එම නිෂ්පාදන ක්‍රියාවලියට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම, පවුල් 300 ක දායකත්වයෙන් 2021 ජනවාරි 01 වන දිනට ප්‍රථම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්ත කරුවාද ශක්තිමත් කිරීමට හැකිවනවා. “MAS Intimates” ආයතනය ආදර්ශයට ගෙන අනෙකුත් ආයතන වලටත් මම ආරාධනා කරනවා ඒ සදහා ශක්තියක් වන ලෙසයි. ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මැටි කර්මාන්තය පමණක් නොව පිත්තල කර්මාන්තය, වේවැල් කර්මාන්තය මෙන්ම අනෙකුත් සියලුම ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙන් ආනයනික ආදේශක භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා අප අවශ්‍ය මූලික සැලසුම් සකස්කොට තිබෙනවා, ඒ සදහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙන බවද” වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

 

Post Views: 6
Previous Post

මන්ත්‍රී රිෂාඩ් ඇප මත මුදාහැරේ

Next Post

ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගන්න – කෝප් කමිටුව

editor

editor

Next Post

ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගන්න - කෝප් කමිටුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved