• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

BOC තුරුණු දිරියෙන් වැඩිම දිරිය රත්නපුරයට

24 January 2019
in ව්‍යාපාර

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් සියළුම දිස්ත්‍රික්ක හා පළාත් තුළ තරගකාරී ලෙස ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 79ක් නිකුත් කරමින් මුළු දිස්ත්‍රික්ක අතර පෙරමුණ ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනය කරයි.

මේ අනුව සබරගමුව පළාත තුළ පමණක් ව්‍යවසායක ණය 98ක් නිකුත් කර ඇති අතර මෙතෙක් නිකුත් කර ඇති මුළු ණය සංඛ්‍යාව 495කි. එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 210කට ආසන්න වේ.

ජනවාරි මස 23 වැනිදා ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

මේ වන විට තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මය දිවයිනේ සෑම පළාතකම තරුණ ව්‍යවසායකයින් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර ලිහිල් ඇප ක්‍ර‍මය සහ අවම පොලී අනුපාතයක් තිබීම වැනි සහන රාශියකින් යුක්ත වීම එයට හේතු වී ඇත. “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය දිවයින පුරා විවිධ ව්‍යාපාර වල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයකි. මේ තුළින් ඔවුන් මුහුණ දෙන ආර්ථීක බාධක වලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ලඟා වීමට ඔවුනට හැකි වී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

 

Post Views: 30
Previous Post

වතුකම්කරුවන්ගේ දිනක වැටුප 1000 කරන්නැයි උද්ඝෝෂණ

Next Post

අභියාචනාධිකරණයේ සභාපති ධුරය ගැන අවසන් තීරණයක් නෑ

editor

editor

Next Post

අභියාචනාධිකරණයේ සභාපති ධුරය ගැන අවසන් තීරණයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved