• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ මව් භාෂා දෙකම භාවිතා කිරීමට සැලකිය යුතුයි – අගමැති

5 July 2023
in දේශීය

අපේ රට මව් භාෂා දෙකම භාවිතා කරන ජනතාව ඉන්න රටක් නිසා භාෂා පරිවර්තනයේ දී සැලකිලිමත්විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ භාෂා පරිවර්තක සේවයේ විභාගවලින් සමත්වූවන්ට රජයේ භාෂා පරිවර්තක සේවයේ පත්වීම් ප්‍රදානෝත්සවය අද (05) දින අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා” අපේ රට මව් භාෂා දෙකම භාවිතා කරන ජනතාව ඉන්න රටක් නිසා භාෂා පරිවර්තනයේ දී සැලකිලිමත්විය යුතුයි. ආර්ථිකයට, සේවාවට සහ ජන ජීවිතයට භාෂා පරිවර්තනය වැදගත් නිසා එය වඩාත් පහසු කිරීමට ඔබ මෙලෙස දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගයක් පවත්වා අදාල පුහුණු කිරීම් වලට යටත්ව එලෙස පරිවර්තනය කිරීමේ කර්තව්‍යයට එක්වෙනවා. ලිඛිත භාෂාව වගේම අපි කතා කරන භාෂාවන් විවිධ ප්‍රදේශ අනුව උච්චාරණය වෙනස්. එවැනි අත්දැකීම් විවිධ ප්‍රදේශ කරා ගමන් කරන ඔබට ලබයි. සිංහල බස වුණත් සරලව කතාකරොත් දකුණු පළාතට ගියාම උච්චාරණය වෙනස්. ඈත ගමකට ගියාම උච්චාරණය වෙනස්. තරුණ ළමයි මේක වැඩි අවධානයක් ගන්නේ නැතුව ඇති. ඒ වගේම තමයි දෙමළ භාෂා ප්‍රදේශ අනුව නැගෙනහිර පළාත, උතුරු පළාත, කන්ද උඩරට යම් යම් ප්‍රදේශවල උච්චාරණය වෙනස්.ක්‍රමානුකූලව තුනී වෙමින් එක ලෙස භාෂාව උච්චාරණය කිරීමේ කාල පරිච්ඡේදයකට අප පැමිණෙමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ හැම කාර්යාලයකම භාෂා පරිවර්තනය කිරීමේ හැකියාව ඇති අය සිටිය යුතුයි. එහි අඩුවක් තිබෙනවා නම් එය සම්පුර්ණ කිරීමට අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හැටියට බැඳී සිටිනවා. නමුත් රජයේ විභාග වල ලකුණු වෙනස් කරන්න ඇමතිතුමාට බැහැ. ඒක මම නිහතමානීව ප්‍රකාශ කරන්නට ඕනේ. ලකුණු කඩඉම කොතැනද එතැන සිට පහතට ගමන් කිරීම තමයි ඉතුරු වෙන අය ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීම.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද මෙහිදී අදහස් දැක් වූ අතර , ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්, ආලෝක බණ්ඩාර, අතිරේක ලේකම්වරු සහ පත්වීම්ලාභිහු මෙම අවස්ථාවට එක්වූහ.

Post Views: 17
Previous Post

මෙරට ජල සම්පාදනයේ ඉදිරි මෙහෙයුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය

Next Post

ජනතාවට සහන මිලට ආහාර අවශ්‍යතාවය සපුරාගන්න පුළුවන් – මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන

editor

editor

Next Post

ජනතාවට සහන මිලට ආහාර අවශ්‍යතාවය සපුරාගන්න පුළුවන් - මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved