• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බ්‍රැන්ඩික්ස් සේවක චෝදනා පිළිබඳ විමර්ශනයට කමිටුවක් පත් කෙරේ

12 October 2020
in දේශීය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කරයි.

ඒ, කම්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කම්කරු අමාත්‍යංශය ස්ථාපිත කළ සේව්‍ය,සේවක කොවිඩ් කාර්ය සාධක කමිටුව ඊයේ (12) පැවති සාකච්ඡාවේදිය.

කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් E.C.P. දාබරේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි K.B.G.ප්‍රේමදාස යන අය එම විමර්ශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පසුගිය දිනවල රෝගාතුරව සිටිය දි ,ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ සත්කාරක සේවා ලබානොදීම සහ එම රෝගාතුර තත්වයන් තුළ ඔවුන්ට නිවාඩු ලබා නොදී අඛණ්ඩව සේවය ආදිය පිළිබඳව ජනමාධ්‍යයන්හි පළ වාර්තා ද පදනම් කරගෙන ,එම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ සමීපතමයන් ගෙන් ද ,කෝවිඩ් සමයේ ක්‍රියාත්මක කළ යුතු කම්හල් සෞඛ්‍ය කමිටු නිසි පරිදි මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මකවීද,කෝවිඩ් වැලැක්වීමේ සෞඛ්‍ය උපදෙස් මෙහි අනුගමනය කළේ ද, යනාදිය පිළිබඳ කර්මාන්ත ශාලා පරිපාලනයෙන් ද මේ පිළිබඳ පූර්ණ ප්‍රකාශ ලබාගෙන සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

සිය පැමිණිලි,සාක්ෂි සහ සිය සාමාජිකයන්ගේ ප්‍රකාශ මෙම කමිටුවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන් ද ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද ආයෝජන මංඩලයේ නියෝජිතයෝ ද කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරිහුද සහභාගී වූහ.

Post Views: 26
Previous Post

කොරෝනා පොකුර 1346 දක්වා ඉහළට

Next Post

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුල සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම

editor

editor

Next Post

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුල සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved